ලෝකයේ මෙතරම් සාකච්ඡාවට බදුන් කල හැකි ප්රස්තුතයන් ඇති මුත් නූතන විදග්ධ රචකයින්බොහෝ විට තමාගේ පන්හිද හසුරවනුයේ , සමාජ අසාධාරණය ගුරු කොට ගත් මාතෘකා ඔස්සේ තම අමු අදහස එලෙසින්ම සමාජය ඉදීරියේ නිරුවත් කිරීමටයි. මම මෙම කාරණය පිළිබද එක්තරා කලෙක පුදුම වූයෙමි.
නමුත් සමාජයෙන් තැලි පෙළී, සමාජයේම කොටසක් වූ අද දිනයේදි මාගේ අතෙහි රුවා ගත් අහිංසක වූත්, නිකළැල් වූත් බෝල්පොයින්ට් පෑන කඩදාසිය මත දිව යනුයේ සමාජයේ තවත් අදුරු පැතිකඩක නිරුවත හෙළි කරමිනි. මනුස්සත්වය පිළිබද උදේ හවා කතා කරන, ලෝකයට ගුවන් විදුලිය හදුන්වා දුන් මාර්කෝනි මෙන් , ලෝකයට සමානාත්මතාවය හදුන්වා දුන්නේ තමන් යැයි එකී පෝල්මඃකාර අද්මිනිස්ත්රකාර බලය බලෙන් ලබා ගත් බොහෝ දෙනා ක්‍රියා කරන ආකාරය දුටු විට සැබවින්ම නින්දිතය.
ස්වාරථය උදෙසා තම මව මරා ගගට විසි කල හැකි පුතුන් සිටින සමාජයකින් අපිට විද්‍යාමාන වනුයේ එදා බුදුන් වහන්සේ වදාළ කළි යුගයේ ඇරඹුම යැයි පැවසීම සැම අතින්ම සාධාරණ යැයි සිතමි.
මේ කියන්නා වූ කරුණු කාරණා සදහා සීමා මායිම් නොමැත, ඇත්තේ මනුස්සත්වය හීන වූ ස්වාර්ථය පමණී. විශ්ව විද්‍යාල තුළ වුවද මෙකී කාරණය අරුමයක් නොවේ. සැමට සම අයිතීන් ඉල්ලා ගෙරිය කඩන් කෑ ගසන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ද, විශ්වවිද්‍යාල දොරකඩින් එළියට බසිනුයේ තවකෙක් පාගා ස්වාර්ථය වෙනුවෙන් කැප වෙන සමාජයකටය. එකී කියන්නා වූ බඩගෝස්තරවාදී සමාජය තුළ පෙර කී සිසුවා බලනුයේ සැමට සම තැන උදා වන්නා වූ ඒ ෆැන්ටසී දිනය උදාවන තුරු නොවේ, ඔහුගේ පරම අභිලාෂය තවකෙකු කර මතින් නැග, තවකෙකු පාගා"මුදුනා" වීමටය. එහිදී සමාන අයිතීන් උදෙසා කෑ ගැසු සටන් පාඨ ඔහුගේ ආත්මයෙන් වියැකීගොස් ඇත.
මෙහි තවත් පැතිකඩක් ඇත. නිදහස් අධ්‍යාපනය නම් වූ අත් වාරුවේ එල්ලී සරසවිය වෙත පිය මනින බහුතරය(සියල්ලම නොවේ) රන් හැන්ද මුවෙහි රුවා ගෙන මෙලොව එළිය දුටු අය නොවන විත්තිය කටුක සත්‍යයයි. ඔවුන්ගෙන් බහුතරයකට සමාජය පිළිබද ඇත්තේ ඊර්ෂ්‍යාව, ද්වේෂය මුසු වූ මාන්නයකි. මේ කියන්නා වූ ඕලාරික බුද්ධි ගෝචර නුවූ හැගීම් සමුදාය සමාජයට නිරාවරණය වනුයේ බිත්තරයක් තුල කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූ කළලයකින් මතු වන මකරෙකු ලෙසය. ඔවුහූ සෑම කල්හිම වෙර දරනුයේ තවකෙකු පෑගීමටය. බොරුව , මුලාව, කේළම මධ්‍යගත කොටගත් පිරිසක් තමා වටා රැස් කර ගැනීමටය.
නමුත් ඔවුන්ට අමතක වූ සත්‍යයක් ඇත. සැමදාම ඔවුන් වටා මේ කියන්නා වූ පිරිස නැති බව ඔවුන් හට අමතක වී ඇති සෙයකි. එය මතක් වන විට ඔවුහූ පැගීමට තැත කෑ පිරිස ඔවුන්ට බොහෝ ඉදිරියෙන් සිටිනු ඇත. එදිනට සිදු වනුයේ තමාගේ අතීතය පිළිබද පසුතැවීමටය.
සමාජය මෙතරම් කුහක වීමට හේතුව කුමක්ද? මුදල් ද? ස්වාර්ථය ද ? නැතහොත් භාෂාවේ වදනක් නොමැති ප්රපංචයක්ද?
පිළිතුරු සෙවීමට කාලය එළබ ඇත!!!