Wednesday, May 7, 2014

සිකුරු අටේ

මුලින්ම කියන්නම්, මං බ්ලොග් අවකාශයේ අධුනිකයෙක්, ඉතින් වැරද්දක් තියනවනම් සමාව භජනය කරත්වා. ඉතින් මේ මගෙ 2 පෝස්ට් එක.
මේක කියවන හැමොටම වගේ සල්ලි කෝටියක් දීලවත් ගන්න බැරි  මතක් වෙද්දි සතුටට අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරි සොදුරු පාසල් කාලයක් මේ ලියන මටත් තිබ්බා. ඉතින් හිත ඇතුලේ හැංගිලා තිබ්බ ඒ මතකයේ දුවිලි පිහදාල
අහිංසක විදියට හිනා වෙන්නයි මේ හදන්නේ,

මේ සිද්දිය උනේ මං 11 වසරේදි, හැමදෙයක්ම අමතක වෙන මගේ මතකේ හරි නම් මේක උනේ අපේ දෙවෙනි වාරේදි.
ඔන්න ඉතින් ඒ කාලේ අපේ ගුරුවරු කොච්චර හොදද කියනවනම් අපි බෙලෙක් පෙටිට්යට ගගහ කියන " පස්ස පස්ස සුරන්ගනිගේ පස්ස සුරන්ගනිගේ ගේ පිටිපස්ස" සින්දුවේ භාවත්මක පැත්ත දැකලද කොහෙද මාසේ දෙවෙනි සතියේ අපේ කලාත්මක හැකියාවන්
දියුනු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සිංහල සාහිත්‍ය සමිතියක් මෙව්වා කරලා තිබ්බා.
ඔන්න ඉතින් එහා පංතියේ එවුන් තනි ඇහැට ඇඩෙන්නම සාහිත්‍ය සමිතියක් කරා. ඒකේ හොද කියලා කියලා අපේ අංශභාර ටීචර් ඊලග මාසේ උබලට තමා කොරන්න වෙන්නේ කියලා කට කොනින් හිනා වුනේ මේ වෙද්දි මුලු ස්කොලේම අපේ පංතිය ගැන හොද
 කතා කරන නිසද කොහෙද! එහෙම හොද කතා කරන්න වස්තු බීජ වෙච්චි ජාතක කතාත් අතේ ඇගිලි ගානට වඩා ටිකකට පොඩ්ඩක් වැඩියි. එවා පස්සේ,
හිනා උන එකටත් දෙන්නම්කො ජම්බු කියලා හිතන් හැමදාම නින්ද යන වෙනදට අවනීතියෙන් කට් කරන ගණිතය පීරියඩ් එක නීත්‍යානුකූලව සාහිත්‍ය සමිතිය ප්‍රැක්ටිස් මෙව්වා කරන්න කට් කොලා.

හැමතැනම ඔනේ කුනු ගොඩකට ඉස්සෙල්ලම පපුව දාන මං මේ පාරත් පංතියේ කලිසම බේරලා එහා පංතියේ එවුන්ට කොර වෙන්න ගේමක් දෙන්නම් කියලා වැඩෙට එන්ටර් වුනා.
මාත් ගෙදර ඇවිත් පිඹුරු පත් ඇදලා පහුවදාම කට්ටියට ගිහින් මගේ අයිඩියාර් එක යුද්දෙට යන්න කලින් සේනාව අමතන රජා වගේ කිව්වා. කටිටියත් ෆුල් බොක්කෙන්ම අහන් හිටියා,
කෙටියෙන්ම කිව්වොත් මට ඔනෙ උනේ අපෙ සමිතිය ෆිල්ම් එකක් විදියට කරන්න. මැදින් ඇඩ් කැලි බස්සලා, සින්දුවක් කියලා අපේ ටිචර්ව ටීටර් එකකට ගෙනියන්න,
ඔන්න ඉතින් කට්ටිය කතා වෙලා අපේ ඔනේ ගේමකටම පණ වුනත් දෙන්න හිටිය අහිංසක වලියට බර කෙල්ලෝ සෙට් එකෙත් අදහස් අරගෙන අපේ ෆිල්ම් එකේ මුහුරත උත්සවශ්‍රියෙන් කෘෂිකර්ම කාමරේ පිටිපස්සේ කැන්ටිමේ එච්. ඒ අයියගේ පරිප්පු නැති
පරිප්පු වඩේ වලිනුයි, කහට නැති ප්ලෙන්ටියෙන් සරසලා පෙට්ටි වාර්තා කඩන අපේ මහා සිනමා නිර්මාණය "සිකුරු අටේ" ලෙස සුභ මොහොතින් නම් කලා.

මාත් පොර වගේ ඩිරෙක්ටර් පට්ටම භාරගත්තා. දෙන්නා නොහොත් මිහිරුවන් ප්‍රොඩියුසර් විය, මතක හැටියට කිච්චි කියලා කෙල්ලෙක් ප්‍රධාන නිලිය උනා, මාත් එක්ක හිටිය සොඩ්ඩාද කොහෙද වේෂ නිරුපනය  භාර ගත්තේ,
 එ කලේ ඉදන්ම "ෂ" වෙනුවට "ස" චරිතය හොදින්ම නිරූපනය කරපු නිසා ඌට ඒක හොදටම ගැලපුනා.

කට්ටිය චරිත බෙදගත්තට මොකො එකෙක් වත් තමන්ගේ චරිතයට සධාරණයක් කරන්නේ නැ.
ඔන්න ඉතින් ලව් කරන එවුන් පැත්තක, තනිකඩ සෙට් එක පොඩි නංගිලාගේ පංති පැත්තේ දරුකමට හදාගන්න නංගි කෙනෙක් හොයා ගන්න.
කොහොමින් කොහොම හරි එහෙන් මෙහෙන් අටවලා අන්තිම සතියේ තුන් වැනි දවසේ වගේ රටක් රාජ්ජයක් අල්ල ගත්ත චන්ඩි සහ චන්ඩින්ගේ ස්ත්‍රි ලිංග පදය සමග අපේ පංති භාර ටිචර් හම්බවෙලා අපේ
 ස්ක්‍රිප්ට් එක කිව්ව ගමන් බැනගෙන ගියා නිකන්
 ජපනා කොලබට බෝම්බ දැම්මට වඩා වේගෙන්,
අපිත් ඉතින් අදිවේගි මාර්ගයක බස් එකකට අහුවෙල අනතුරක් නොවුන බල්ලො රැලක් වගෙ ගිහින් ගණන් පීරියඩ් එකේ පංතියේ හිටියා.
ගහෙන් වැටුන මිනිහට ගණන් සර් ඇන්නා වගේ, සර් ජ්‍යාමිතියෙන් අපිට ගහන්න ගත්තා
ත්‍රිකෝණ අංගසාම්‍යය, චාප කැලි අස්සේ බංචිගේ කන ගාවින් සර් ප්‍රක්ෂෙපණය කරපු රටහුණු කැල්ල නාගාගේ නහයේ වැදුනා, ඒත් එකෙක්ටවත් මෙලෝ සිහියක් නැ .
අපේ කනට ගැහුවා වගේ ටීචර් කියපු කතා ටික වෘත්ත චතුරස්‍ර එක්ක එකතු වෙලා බලුකිස්තාන් භාෂාව වගේ භාෂාවක් තෙරෙන්න ගත්තා.

"මොනාද තොපි මේ කරන්නේ, ස්කොලේ (sin) ඇතුලේ ඉන්න ජරාම (2cos.x) පංතිය කියලා කියලා මුලු ස්කොලෙම දන්නවා, මටත් (2Ɵ.cosx = tan) එක්ක ලැජ්ජයි, කවදාවත් හැදෙන්නැ, සාහිත්‍ය සමිතිය කියන්නේ
සාහිත්‍ය සමිතිය , එකේ ඇතුලේ මගුල් නටන්නේ,
තමුසෙලාට ඉතින් අපේ උපදෙස් ගන්න (99Ɵ. cos Ɵ = hutan) එන්නේ පෙරහැර ගියාට පස්සේ, මට තෙරෙනවා සිකුරු අටේ කියලා (1/cos c) දාගෙන කරන්න යන මගුල, කරන්න බැරි නම් නිකං ඉන්නවා "

කලින් දවසේ හවස පංති නොහිටිය එකට රිටන් එක ඇරියස් එක්ක හම්බුන බව අපිට තෙරුනා.. අපිට ගොඩක්ම දුක තිබ්බේ ඕන කාලකණ්නි වැඩක් කරලා ආවත් බේරගන්න අපේ ටීචර් මෙකට අපිට බැනපු එකට, ඔන්න ඔහොම
 සිකුරු අටේ උපන් ගෙයිම නැති උනා. කවදාවත් ඩිරෙක්ට තියා කැමරාවක් අතින්වත් අල්ලලා නැති මගේ ඩිරෙක්ටොර් හිනෙත් උපන් ගෙයිම නැති උනා

ඉතින් කොහොමින් කොහොමහරි ගණන් පීරියඩ් එක ඉවර උනාට පස්සේ අපේ කට්ටිය නිශ්ශබ්දයි , වෙන වෙලාවක් නම් ඔෆිස් එකේ අපේ ලොකු සර්ටත් ඇහෙන්න කාංසාව නිවාගන්න
" මුලු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බුනා " කියන අපි හාවක් හුවක් නැතුව හිටියම ඒ වෙලවට එහා පංතියට උගන්වන සර්ට හෙන අවුල්. මොනා උනත් උගන්වන එක නතර කරලා ඇවිත් අපිට බනින්න තිබ්බ චාන්ස් එකනේ.
සරුත් ඉතින් එහෙන් මෙහෙන් ඇවිත් ඔලුව දාලා 'කැගහපිය' කියලා කියනවා වගේ බලලා ගියා,
විනාඩි දහයක් විතර ගියත් සද්ද බද්ද නැති නිසා ජොන්ටි මොකද්ද ගොන් පාට් එකක් දුන්නත් එකෙක්වත් හිනා උනෙ නැ. ඉතින් මං ගේමට බැහැලා " දැං අපි මක්කලා කරන්නේ" කියලා ඉවර කරන්නත් කලින්
අල්ලපු පංතියෙ සර් රා කල 985254456 ක් විතර බීපු හස්තියා වගේ ඇවිත් කවුද සද්ද කරන්නේ, තොපි කාලකණ්නි උනාට අනික් පංති වල එවුන්ට ඉගෙනගන්න ඔනි යකෝ කියගෙන පරන ටේප් එක දගෙන එදිදිම මං කිව්වා
ඊලග පීරියඩ් එකට සර් එනකම් අපිට මේ පාර සාහිත්‍ය සමිතිය තියනවා සර් පොඩ්ඩක් ඒක කතා කරගන්නද කියලා? සර් හා එහෙනම් හෙමින් කත කරගන්නවා අනික් එවුන්ට වද නොදි , කියලා ගියා,

ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් හොර මැර වංචා මැතිවරණ දූෂණ වලින් තොරව එකමතිකව සාහිත්‍ය සමිතිය වර්ජනය කරන්න හිතුවා.
_________________________________________________________________________________

ඔන්න සාහිත්‍ය සමිති දවසෙත් උදේ 7.25 ට නැගිටලා 7.30 ට ආවේ මේ වෙන්න යන ජිගිරි බිරිස්  හෙනේ ගැන කලින් දවසේ රැ හීනෙන් වත් නිකංවත් පෙනුනේ නැති නිසා.
උදේ ආපු ගමන් පංතියට යද්දිම විජය එද්දි කුවේණි කපු කෙටුවා වගේ කිච්චි අතුගගා ඉන්නවා. එද්දිම ඇහුවා "ඔයා මැණිකේ මිස්ට කිව්වද අද අපිට සමිතිය කරන්න වෙන්නේ නැ කියලා?" මං නැ කියලා වෙනදා වගෙම කොල්ලෝ එක්ක
පහල පංති වල නංගිලාගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දිනපතා මුර සංචාරයේ යෙදුනා. පන්සිල් කට් කරලා දේවලේ ඇතුලේ ජීවන සුවද විදි අපි පංති පැත්තට යද්දි අනික් පංති වල එවුන් ඔඩිටොරියම් එක පැත්තට යනවා දැක්ක
ගමන් සංසාථානික මහා ධමනියෙන් අපු කූල් ලේ බිංදුවක කන හරහා මොලේ හරහා යන්නේ මගේ විතරක් කියලා හිතුවට ගල් ඇක්කේ පාලම යට පලවෙනි දවසේ හිගුරාන ගහද්දි අපෙ එවුන්ගේ මුණු ටික තිබ්බ ව්දිය ඒ වෙලාවෙත් පෙනෙද්දි
මට තෙරුනා අනික් එවුනුත් ඉහල තලයක පා වෙන විත්තිය.
මේ වෙද්දි කෙල්ලෝ ටික මැණිකේ ටීචර්ට කියලා අපේ ඉතිහාසය වර්ණ්නා කරන් ඉවරයි. ඉතින් අපිට තෙරුනා කොහොමහරි මේක කරන්නම වෙනවා කියලා,
මොනා උනත් ඕන සරිගමේකට තාලේ අල්ලන්න, පපුව දාන්න ලැස්ති අපි ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්ෂණික සමිතිය වේදිකාගත කරන්න පෙරේදා උත්සවේට දාපු රතු පලස දිගේ ආවා. ඇවිත් මං ස්ටේජ් එක මැදට ගිහින් කට්ටියගෙන් අවසර
අරන් සින්දුවක් කියන්න "දෙන්නට" ආරාධනා කලා. ඌ ඊලග වටේට SMS වලින්වත් යවන්න බැරි උනාට වැඩේ ශේප්,
මේ වෙද්දි අපේ එවුන් අන්දරේ සීනි කාපු විදියට මැණිකේ ටීචර්ට සීනි කවන්න රෙඩි පිට හිටියේ.
ඉතින් කලණි උන්ට ආරධනය කලා.
ඔන්න පන්තියේ ගුරු පුටුවට කොහෙන්ද කඩාගත්ත ගදපාන මල් දෙකකුයි, කුප්පමේණිය අතු දෙකකුයි සෙට් කරලා සිංහාසනේ වනසලා, රජා ජොන්ටි, කොසු දෙකක් ගල් කරපු රුක්කයි, කැහුට්ටයි  ආරක්ෂකයෝ, අන්දරේ ගලා
අන්දරෙගේ පුතා සාලක නොහොත් වයිබ්‍රේට් තාක්ෂණ්යේ පියා, ඌ එහෙම පේටන්ට් එකක් ගත්තේ පොඩි කාලේ ගමේ ලිදේ ගැනු නානවා හොරෙන් බලද්දි පේර ගහක ඉදන් බිමට වැටිලා ඉස්සරහ දතේ කැල්ලක් ලිදට වට්ට ගත්ත නිසා.
 ඌ බුරියනි කියන්නේ "බ්‍රියානි" කියලා හොං කොං භාශාවෙන්, තව දත් දොස්තර කියන්නේ "දස් දොස්තර" කියලා පුරාණ හෙළ භාෂාවෙන්.

ඔන්න ඉතින් රජා සිංහසනේ වාඩි උනා
අපිට ටොක්කක් අනින්න කන අතගාන්න ඔනේ උනාම අපිව ඉස්සරහා කුනු කාණුවට බස්සන , කතාවක් කරද්දි ළමයින්ට ටීචර්ගේ අසිරිය බලගන්න බීම බොතල් පෙට්ටි  දෙකක් උඩ නැගල තව ඇඩ්‍රෝසින් ටේබල් එකේ මල් අයින් කරන
මැණිකේ ටීචර්ට රජාගේ ප්‍රතිභාපූර්ණ හැකියාව පේන්නෑ කියලා ආදරෙන් ඔය අට මගල අරන් ඉස්සරහට වරෙන් කිව්වා, රජා උනත් මැණිකේ ටීචර්නේ කියල රාජ තේජස අතෙන් වහන් පුටුව උස්සන් ඉස්සරහට අවා. විලි ලජ්ජයි,
රජා පුටුව උස්සන් එද්දි කලින් අපේ පංතියෙන් ගුටි කාපු එකෙක් හූ කියන්න ගත්තා. ඉස්සරහට එද්දි රාජ පුරුෂයාගේ අතේ තිබ්බ කොස්ස දැකපු එකෙක් "අඩොව් අන්න අරු අපේ පංතියේ කොස්ස උස්සලා" කියලා අඩහැරේ පැවා.
කොහොමින් කොහොමහරි නාට්ටිය වාර්තා බිද දක්වමින් කෙරිගෙන යද්දි , සද්දේ මදි වගේ කියනවා ඇහුනට උන්ගෙත් සද්දෙ මදි නිසා අපි සැලුනේ නෑ.

ඉතින් අන්දරේ ඇවිල්ලා ඉස්සරහා තියන දුවිලි ගොඩ පෙන්නලා "ස්ස්ස්සීනි" කිව්වේ ගලා බය වෙලා හිටිය නිසා නෙවේ කියලා ඌ පස්සේ කිව්වා, ඌ කිව්වා උදේ කාපු ගල් බනිස් එකේ අවුලක් නිසා එහෙම උනා කියලා.
එක හරි කියමුකෝ ඒවෙලෙත් කටවහන් ඉන්න බැරි මයිනා පංතියේ පුරුද්දට අහපි "කෝ සීනි කියලා?"

ඒ කියමනට කොතරම් උනුසුම් ප්‍රතිචාරද කියනව නම්
කොල්ලෝ සපත්තු විසි නොකලේ ගොඩක් එවුන් දාලා තියෙන්නෙ bullet නෙවේ බෝට්ටු කියලා කපිල සර්ට මාට්ටු වෙයි කියලා බයේ. මොකො එහෙම උනොත් උදේට කොන්ඩේ කපන සර් හෙට ඉදන් සපත්තු ගැලෙව්වොත්
කාට කියන්නද!

ඉතින් ඔන්න හරි නම් අන්දරේගේ පුතා සීන් එකට එන්ටෑර් වෙන්න ඕනේ , අන්දරේ ගෙදර ගිහින් ආපහු මාලිගාවට ආවට පස්සෙනේ, නාට්ටිය හරියට දන්නැති සාලකයා අත උස්සලාද කොහෙද චරිතෙ අරගෙන තියෙන්නේ.
ඉතින් සාලකයා අන්දරේ ස්ටේජ් එකෙන් එලියට ගිය ගමන් නාගසාකි වලට හිරොශිමවෙන් ගැහුවා වගේ " බුදු තාත්තේ අම්මා මලා............" කියලා ඇවිත් වැටුනා. ප්‍රේක්ෂකයන්ගේ නොමද අත්පොලසන්නාදය මද්දේ සාලකයා හිතන්නේ උගේ
ඇක්ටින් එකට කෙල්ලො ටික කොර වෙලා ඇති කියලා. ඌ දිගටම වැඩෙ කරන් යනවා, කොහමහරි වැස්ස නිසා නාට්ටිය පොස්පෝන් කලා.

ඊට පස්සේ පන්තියේ සෙට් එකම සෙට් වෙලා සින්දුවක් කියන්න හිටියේ, ඔක්කොම දන්න සින්දුවක් නැ. කොල්ලො ඔක්කොම දන්න සින්දුවක් තිබ්බා, න න නනා කියලා, කෙල්ලෝ ඒක දන්නැති නිසා වැඩේ අත් ඇරියා.
එ අස්සේ නාට්ටිය ඉවර උනාට රජා සිංහාසනේ මාලිගාව මැද දාල ඇවිත්. ඕක ගෙන්න කියලා නිමේෂ් ට කිව්වා. මු පුටුව ලගටම ගිහින් ආපහු හැරිලා ආවා.
ඇයි කියලා ඇහුවම ඌ කියනවා ඉස්සරහා කලින් ටොක් කරපු කැල්ලක් හිටියා ලැජ්ජා හිතුනලු. හොද වෙලවට එ වෙලෙ ස්ටේජ් එකේ කවුරුත් නැ. නැත්නම් අපේ පංතිභාර ටීචර්ගේ මූන දැක්කනම් දියවැඩියාව හැදිලා සුලු දිය පහවෙලා මැරෙන්නේ.
ඉතින් තිලිණයාගේ ටිකිරි මොලේ නිසා "ලොවේ සැමා" එක හඩින් ගායනා කලේ ජාතික සංහිදියාව පෙන්නන්න. මොකද කවුද එකෙක් කිව්වා ටීචර් කැපුවත් නිල් කියලා.

ඒ අස්සේ තව දහ අට වන්නම කලින් නටපු කෙල්ලෝ ටිකකට නැටුමක් නටන්න ඔනෙලු අරක මැද, ඕක කරන්න ගිහින් මොනා වේද කියලා දන්නැති අපි සහෝදර ෆිට් එකට කිව්වා පාඩුවේ ගෙදර ගිහින් චූ කරලා බුදියගනින් කියලා.
එතකොට උන් ටික අපිට එරෙව්වේ තරහින් නෙවෙ කියලා අපි දැනගත්තා...

ඉතින් අන්තිමට විහගිද කොහෙද විහග නදින් අඩ අඩා සින්දුවක් කිව්වා,
ඒකි ඇඩුවේ ඒ සින්දුවේ තිබ්බ සමහර කැලි වල සෘතිය අල්ලගන්න මිසක්කා එ වෙලේ කොල්ලෝ හූ කිව්ව එකට නෙවේ කියලා එකි කියනකම් අපි හිතන් හිටියේ
ලැජ්ජාවට අඩනවා කියලා....
එකත් ඉවර වෙලා කිච්චියි මායි ස්තුති කතාවෙන් සමාව ඉල්ලුවා. මං කිවා වැරදි වීම
මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා,

ඊට පස්සේ ගුරු කතාව දෙන්න අපිත් එක්ක ෂේප් රුවන් සර්ට ආරාධනා කලා. සර් නැගිටිද්දිම මැණිකේ ටීචර් පැනලා ඇවිත් කතාව කලා
කතාව ලස්සන වැඩි නිසා අපි අහන් හිටියේ නැ ඒත් ටීචර් කිව්වා
මෙතන සමාව දෙන්න දෙවිවරු නෑ කියලා,
ඒ වෙලාවේ ටිචර නිකම් සින්දුවක් කියලා පහලට බැස්ස රාහුල් ජෙය්කර් වගේ. අන්තිමට අපිට ඊලග මසෙත් සමිතිය මෙහයවන්න දුන්නේ අපේ සමිතියේ ලස්සන ගැන කට්ටියටම ආස හිතිලා.
ඊලගට කරපු සමිතියෙත් පට්ට සීන් උනා ..............

ප/ලි : මොනවා උනත් අද අපි කොතන හිටියත් අද අපි කතා කරන්නේ එදා අපි ගත්ත ලකුණු ගැන නෙවේ, එදා අපිට චාටර් කියලා හිතුන අද සතුටෙන් හිනා වෙන්න පුලුවන් අහිංසක දගකාර වැඩ ගැන..
   



2 comments :

  1. ලෙසටම ලියල තියනවා
    දිගටම ලියන්න සුභ පැතුම්
    අඩෝ එදානම් උඹලා ලෙසටම කළා
    ආය ප්‍රතිභාව කියන එක උපරිමයි :P

    මට තාම මතකයි නිමේෂයා හැරිලා යනවා
    උඹලම නේද අර මීයයි ජොන්ටියිද කොහෙද දාල
    දොම්පෙට යන පාර පෙන්නුවේ

    (සින්ඩි වලට දාපන්, ආය පස්සෙන් පන්නන මෙව්ව එකක් දාපන් එතකොට බොග දැම්මම බලාගත්තැකි
    මම නම් හිතන්නෙ ටෙම්ප්ලේට් එක තව සරල කරපන් කියවන්න ලේසි වෙන්න..... මගේ අදහස මම කිව්වෙ )
    ඒලෙවෙල් ඉවරවෙලා මාත් ආය බොග දාන්න පටන් ගන්න ඕනෙ :D
    සූරි

    ReplyDelete
  2. බොග දාද්දි ඇවිදින්නට මට අත දුන්න.
    ගුරු හරුකම් හොද නොහොදම් කියලා දුන්න.
    සූරි තැන්කු වෙවා මචන්,
    ඔව් බන් අපි තමා ඒක කලේ
    මං ටෙම්ප්ලේට් එක මාරු කරන්නම්
    සින්ඩි කියන්නේ මොකො?

    ලියපං මචං අයේ ඔය අදහස් පල් වෙන්න දෙන්න එපා

    ReplyDelete