Saturday, November 22, 2014

කැත
 මතකයන්
බයිට් කර
සැන්ඩි
 නැතිව
ගහපු
 ගල්
භාගේ
 නුඹ

Sunday, October 19, 2014

අමුතු අදහසක්


මගේ හැම කතවට වගේම් මේ කතාවටත් ප්‍රස්තුතයක් තියනවා.

පඳුරක්
පඳුරක් ගානෙ
ගිහින්
මහ උන්ට
කිරි දීපු
උඹේ
දෙතනෙ
කිරි
මදි උනාද
වේසියේ
උඹේම
ලෙයින්
හැදුණු
මේ
කිරිසප්පයට........

නිලුපුල් සහෝදරයගේ මෙන්න මේ වදන් වැලයි මගේ හිතේ ඇදුනු අමුතු අදහසට පාර පෙන්නුවේ. ඔයලා බලනවා ඇති යකොව් මෙච්චර කල් හොදට හිටි අහිංසකයාට ක්ෂණික මනෝ විකෘතියක් ඇති වූවාදැයි කියා.
සමාජය යනු කුමක්ද? අරුත් දැක්වීම කුමක්ද? සද මත පාතබා විශ්වය ජයගත් අපේ නූතන මිනිසට වැරදුන තැන එතන යැයි කිව හැක. සමාජය යන්නට ශබ්ද කෝශයේ සරල අර්ථ දැක්වීමක් ඉතිරි කොට සොයා නොගත් නිමක් නැති විශ්වය පීරිමට අත් පොත් තැබීම ඉතිහාසයේ කල ලොකුම වරදක් විය හැක.
අපිට විද්‍යාමාන වන්නා වූ පාට පාට ෆැන්ටසියක් බදු වූ මේ සමාජයේ පාට යටින් සැගවුනු අලු පාටක් ඇති වග ඉහතින් දැක්වූ පද වැලෙන් මොනවට අර්ථ දැක්වේ.
අප ජීවත් වන්නා වූ මේ සමාජය අරුම පුදුමය. අපි මිනිසුන් ලෙස ශිෂ්ටාචාර ගත වූ සත්ව කොඨ්ඨාසයක් ලෙස ඇදුම් නම් වූ  අරුම පුදුම උපකරණයක් භාවිතා කරන්නෙමු. එහෙත් කිසිදු සත්ව කොඨ්ඨාසයක් ඇදුම් නොඅදිති. කුමක්ද මෙය?
මම මෙය දකින්නේ මිනිසා තරම් හීන සත්ව කොඨ්ඨාසයක් නැති තරම් ලෙසයි.
ඇසේ වනචර කම පාලනය කරගන්න උපතින්ම ගෙනෙන්නා වූ නොහැකියාව නම් වූ කරුණ මත අපි ඇදුම් අදිමු.
 ගෑනියක් යන්නට විවිධ සංස්කෘතීන් තුලින් ගොඩ නැගි ඇති ආකල්පය වීදුරු මල් පෝච්චියක් පිලිඹද ඇති ආකල්පයට නොදැවෙනිය. එහෙත් අපට අමතක වූ කරුණක් ඇත. වීදුරු පෝච්චි ඉබේ කැඩෙන්නේ නැත . එහි අංශු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල බිදීමට තරම් පොහොසත් වන්නා වූ බලයක් ඇවැසි බව අපට අමතක වී ඇත.. ඒ බලයට වරද නොපටවන විදූරු පෝච්චියට සාර්ව කාලින මිනීමැරුමක් කල ලෙස වරද පටවමින් බලු බෙට්ටක් පරිදි ජුගුප්සාජනක හැගුමකින් සමාජයෙන් ඉවත් කිරීමට තරම් සමාජය කුහක වී ඇත.කැකිල්ලේ රජුන්ගේ තීන්දුව උපහාසයෙන් අපේ බාල පරම්පරාවට කියා දෙන අපිත් කකුලුවාගේ කතාවට
නොදැවෙනි තැනක සිටීම පිලිබද ඔබ මා අපි අපිටම සිනා සිය යුතු කාලය එලඹ ඇත.
(පත්තිනි අම්මල අතර රෙද්දේ තුත්තිරි ගාගත් අයත් සාමජයේ නැතැයි මා නොපසවමි. මා අහසින් පාත් වූ අමුතු සතෙක් නොවේ. සමාජෙන් තැලුනු පෙලුනු තවත් මෙම සමාජීය පුරවැසියෙකි.)

ගැහැණු ළමයෙක් කොට සායක් ඇදන් යද්දි, කලිසමකින් මුලු හෙලුවැල්ලම වසා ගෙන යන විට සුදු සරම ඇදපු,  මල් වට්ටිය අතින් ගත්ත බහුතරය වපර ඇහැකින් අර කන්‍යාව දෙස බලයි ඇය විවේචනය කරයි. පල නොකියා පලා බෙදන තියරියකින් අර කන්‍යාව බඩුවක් කරනු ලබයි.
නමුත් එතන දෙපිරිසම වැරදිය. රෙද්දේ දිගට පළලට වනචරකම් ප්‍රතිලෝමයැයි සිතන සුදනාත් වැරදිය. සංස්කෘතියට අනුව හෙලුවෙන් භාගයක් පෙන්නන් යන ගෑණියත් වැරදිය. ඇය කුඩා ළදරුවෙකු නොවේ . මිනිසාගේ ආකල්ප, චින්තන විලාසය දන්නා ඇය ඇදුම තුලින් වේස කම මනින සමාජ සම්මත මෙට්‍රික් මිනුම් ක්‍රමයක් තිබෙන බවත් වටහා ගත යුතුය.

ගබ්සාව ; කුමක්ද මේ අකුරු හතරකින් කියන්නා වූ පණිවිඩය. කවුද ගබ්සාවට වැරදි? මෙය නීතිගත කල යුත්තක්ද?
ඉහත කිසිදු පැනයකට පිළිතුරු ලබා දීමට තරම් මම පණ්ඩිතයෙක් නොවෙමි. එහෙත් මා ජීව විද්‍යාත්මකව දන්නා වූ එක් සත්‍යයක් ඇත . එය නම් පිරිමින්ට ගර්භාෂයක් නැති බවත් ගැහැණියට එවැන්නක් ඇති බවත්. භ්‍රෑණයා වුවත් ජිවීයෙකි. මෙලොව එළිය බලන්න ඇගිලි ගනින කිසිත්  නොදත් අහිංසක ජිවීතයක් නැති කිරීමට පෝල්ඃ මකාර(හරිද දන්නෑ) අද්මිනිස්ත්‍රකාර ඩිම්භ ධාරියටවත් ශුක්‍ර ධාරියාටවත් අයිතියක් නැත්තේය. ගැහැණියත් මිනිසෙකි , පිරිමියත් මිනිසෙකි. එසේ නම් රෙද්ද ගැලෙව්වම පිරිමියත් ගැහැණියත්
තිරිසනුන්ට එහා ගිය තලයක සිටිති.  තිරිසනුන් ඇදුම් නැතිව වුවත් යම්තාක් දුරට චාරයක් තියා ගනිති. නමුත් මිනිසා නම් පරිණාමික දියුණු සත්වයාගේ එම පැතිකඩ තවම පරිණාමිකව ප්‍රාථමිකව අන්තිම අඩියේ සිටිනා බැවින් ගැහැණියත් පිරිමියත් ඇදුම උනා දැමීමට ප්‍රථම මදක් මාස දහයක් ඉදිරියට සිතිය යුතුය. ඒ ඉහත දැක්වුවා වැනි අපරාධ වනු වැළැක්වීමටයි. ඒ අතුරෙන් මා දකිනා පරිදි ගැහැණියට තරමක වැඩි වගකීමක් උපතින්ම ස්වාභාවිකවම ලැබී ඇත. එපමණක් නොව සාමාජීය වශයෙන් තමන් බිදී කුඩු වන තුරු ලස්සන පෝච්චියක් බවත් මතක තියා ගතයුතුය.
සමාජය කියන තරම්ම කුරිරු නැත. ස්ත්‍රී දූෂණය නීතිගරුකව සිදු කිරීමට ආදරය, විවාහය නම් වූ සංකල්පද ගොඩ නගා ඇත. සැබවින්ම මෙහිදි ස්ත්‍රී දූෂණය යන්නට යථාර්තවාදී විවරණයක් ලබා දීමට මම අපොහොසත් වෙමි. කොතෙක් මනස වෙහෙසුවත් පිළිතුරක් නොලැබේ.
ඌරො කැකුණ තලද්දි හබන් කුකුලොන්ට ෆන් එකක් යන න්‍යාය තව ටිකක් මොඩිෆයි කරන ඕලාරික සාමාජිය කොටස්කරුවන් විසින් ඇවිලෙන රැවුලට සුරුට්ටු පත්තු කරන්න තනනයි. ගබ්සාවට පිළියම් ලෙස ගණිකා වෘත්තිය සමාජ ගත කිරීමට සැරසෙයි.
අතීසාරයට අමුඩ ගසනවටත් වඩා එහා ගිය සංදර්භයක් ලෙස මම මෙය දකිමි. එවැනි අඩු අධ්‍යාපනික මන්ද මානසිකයින් තනන්නේ වේස කම වෙනුවට ගණිකා වෘත්තිය ගෙන ඒමටයි.
මල පසුපස බඹරුන් ආවට අවමන් විදින්නේ මල් කුලය බව සැබෑව. එහෙත් වේස කම ගණිකාවකගෙන් රිප්ලේස් කල සමාජයක ඔබට තම සහෝදරියට රැකවරණයක් බලාපොරොත්තු විය හැකිද?
රූප පෙට්ටියේ ගෑණූ පිරිමි හාදු දෙනකොට ළමයි ඉස්සරහා නාලිකාව මාරු කරන අම්මලා තාත්තලගෙත් යම් කිසි වූ වරදක් මං දකිමි.
කලාගාරෙක නිරුවත් කාන්තා පිළිරු දෙකක් ඇති විට එක පිළිරුවක රහස් ස්ථාන පොඩි පත්තර කෑල්ලකින් වසා ඇති විට ඔබට වැඩි වින්දනය ලබා දෙන්න අර කොලෙකින් වහපු පිළිරුවයි. මිනිස් සන්තානයේ ගැඹුරින්ම එන පණිවිඩයකින් ඔබට අර පත්තර කෑල්ල පොඩ්ඩක් උස්සා බැලීමට සිතෙනු නොඅනුමානය. එම නිසයි සමජයේ සිටින සතුන් "මිනිසුන්" ලෙස හදුන්වන්නේ.
එම නිසා ලිංගිකත්වය ගැන කතා කිරීමත් වරදක් ලෙස දකින් බොලද මානසිකත්වයෙන් මිදිය යුතුය. ලිංගිකත්වය යන්න මනුෂ්‍ය ඝාතනයක් ලෙස දකින අපේ මොළ අපි විසින්ම ශෝදනය කල ගත යුතුය. වේස කම සමාජ සම්මත කිරීමට මත්තෙන් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීමට අත් පොත් තැබුවොත් නරකද?

සිතන්නට කාලයයි!!




ප/ලි : සංවාදයට විවෘතයි.












Wednesday, October 15, 2014

කෑමට පෙර අත සේදීම සහ බීමට පෙර පෙණ අයින් කිරීම




"අනේ පුතේ ඕවගේ යද්දි බලාගෙන මහත්තයෝ, සුදු පුතේ මොකෙද යන්නේ"

"චූටි මාමිලගේ අයියත් එනවා කිව්වා ලොකු අම්මේ, බාප්පගේ බයික්කෙයි සුගුණේ මාමගේ වීල් එකෙයි යන්නේ."

"අනේ මන්දා පුතේ යාලුවත් එක්ක යද්දි පරිස්සමට යන්න , ගියා කියලා ඕවගේ නානවා එහෙම නෙවේ හරිද සුදු පුතේ"

"හරි ලොකු අම්මේ"

"පුතේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න"

එහෙම මං දිහා හැරිලා කියපු අපේ ආදර ජිල්බුගෙ ලොකු අම්මාගේ මූණ පුරා බුෂ්, ලාඩන් දැක්කම එන භය සංත්‍රාසය මුසු වූ අප්‍රභංස හැගීමක් විද්‍යාමාන වීමත් අපේ ජිල්බුවාගේ වලක් කැපුවත් ගෙම්බෙක් වූ ඉතිහාසයත් දන්නා මගේ හිතෙත් ජුණ්ඩි බියක් ඇති උනා. ගෙදරදි නම් සිරිතට පරණ අවුරද්දට විතරක් නාන අපි මේ සෙට් වුනේ එහෙ තිබ්බ වලක් ජබුං ගහන්ට

සිංහල සාහිත්‍යෙ වැඩිම සමාන පද තියෙන්නේ අපෙ ජිල්බුවාට, උගෙ ජිවිතේ උන උන එක එක ප්‍රස්තුතයට එක එක නම් හැදිල තියනවා. මෝඩයා, පැණියා etc.
ජිල්බුගේ ඉතිහාසය පොඩ්ඩක් ෆ්ලෑස්බැක්ස් කරද්දි මතක් වුනු පොඩි සීන් එකක් ලියන්න හිතුනා.
මූනෙ කිරි මයිලක්වත් නැති යට ඇදුම් අදින්නැතුව අහවල් එක සිප් එකට අහු කරන් දනවෝ දනවෝ කියපු බච්චා කාලේ වෙච්චි පොඩි සංගීතමය අත්දැකීමක්.
අපි සංගීත කාමරෙදි අනාගතේ වෙනුවෙන් ස- රි- ම- ම- මග රිරි ප-ග ප-ග ග-ගනි
කිව්වේ බිම ඉදගෙන. ඔන්න ඉතින් සපත්තුත් ගලවල මන්නරම් කරවල කඩයක් මැද අපේ ටීචර් අපිට රාග උගන්නනවා අපේ කොල්ලෝ පිටිපස්සේ ඉදන් අන්තර්ජාතික ඔලිම්පික් පෑන් ගේම් තරගයක්.
ඒ කාලේ සමහර කොල්ලො ප්ලෑන් කලේ කවදහරි ජනාධිපති වෙලා වාර්ෂික මහා පැන් ගේම් තරග ඕර්ගනයිස් කරන්න. අපි ඒ වගෙ කොල්ලොන්ට බොක්කෙන්ම සප් එක දෙන්න පෑන් වලින් පොරොන්දු වෙලා හිටියේ.

 පෑන් ඇතුලේ ඇණ පුරවල ඒවා මිනි මරන ආයුධ බවට පත් වෙලා තිබ්බේ. හැමදාම පැරදුණත් ගේම අත් නොහරින අපේ ජිල්බුවාගෙ කොන්ෆිඩන්ස් එදා ලොස් වෙල මු පැත්තකට වෙල ඇඹරෙනවා අපිටත් හෙන අවුල්.
මූ ඇඹරෙනවා කියන්නේ නිකන් හරියට ටීචර්ගේ ගී තාලෙට MJ ඩාන්ස් එකක් මෙව්වා කරනෝ වගේ. ඔන්න ඉතින් ටීචර් දැන් රාගය සර්පිනාවට හුලං ගගහ කියනවා. අපි ලියල නැති නිසා අපි කට හොල්ලනවා.
ටීචර් දකුණු අතින් සෘතිය චුයින්ගම් අදිනවා වගේ ඇද ඇද කියද්දි එන්න එන්න උඩ ස්වර අල්ලන්න ගත්තා. එන්න එන්න ස්වරේ ලොකු වෙද්දි ජිල්බුගේ බීට් එකත් වැඩි වෙනවා. එක පාරම ධ--- ස-- රි- පුරුස්ස් ගෑවා. ඉතින් කරවල කඩේ රාබුයි බිත්තර ගදකුයි ආවා.
_________________________________________________________________________________
ඉතින් ජිල්බුගේ අයියා තවත් යාලුවෝ දෙන්නෙක් එක්ක තුවායකුයි සබන් කැටෙකුයි ගෙනත් තිබ්බා. යාර 10 ක් එහායින් තිබ්බ ජම්බු ගහ ලගට නූතන තාක්ෂණය භාවිතයෙන් මැසේජ් එකක් යැව්වේ තුවාය වලං මැස්ස යට හංගපිය ලොකු අම්මා දකින්න කලින් කියලා.
කොහමහරි බයික් එක ගෙනියන්න සෙට් වුනේ මට , මායි තව ජිල්බුගේ යාලුවෙකුයි තමා බයික් එකේ ගියේ.
අඩේ බයික් එකේ නිර්මාතෘ තුමන් ඒ හුචක්කුව දැක්ක නම් මං මොන මගුලකටද බයික් එක හොයගත්තේ කියලා සිය දිවි හානි කරගන්නවා. මං මෙච්චර කල් හිතන් හිටියේ අපේ ටි වි එස් වික්ටර් අට මංගල්ලේ විතරයි ගල් යුගයේ බයික් වලින් ඉතිරි වී ඇති එකම පුරුක කියලා. නෑ ඊටත් එහා ගිය පුරුකක් තිබිම පිලිබද මට කෑල්ලක් සෙට් උනා වගේ සන්තෝසයක් දැනුනා. මං දන්නෑ කෙල්ලො සෙට් උනාම හැපිද කියලා දවසක් බස් එකේ යද්දි හතර වසරේ කොල්ලො දෙන්නෙක් කියනවා ඇහුනා
"මචං උඹ කෑල්ල දාගත්තා උඹ තාම මට ට්‍රීට් එකක් දුන්නෑ"
"හරි ගොබිලෝ කට වහපන් යන ගමන් සුමනා නැන්දගේ කඩෙන් රු. 5 ක් බුල්ටො අරන් දෙන්නම් "
"අඩේ උඹ මට රු.5 ක බුල්ටෝ දෙන්න තරම් සන්තොසයිද බං"
_________________________________________________________________________________
බයික් එක පහල වෙලට යන පාරට දාල ස්ටාර්ට් කොරන් උඩට ඇවිත් පොඩ්ඩක් ක්ලච් එක අල්ලලා නැවැත්තුවා විතරයි හුටු හුටු ගාලා ඇන්ජිම හිට්ටා. අඩන්නද? මොනා කරන්නද කියලා කිකර් එක උඩ කකුල් දෙකෙන්ම හිටගෙන උඩ පැනල ස්ටාර්ට් කොරන්
අරුවත් දාගෙන යනවා. මගුල ඒකේ ගියර් එක කඩන්න කකුල් දෙකෙන්ම හිට ගන්න ඕනේ . පොඩ්ඩ මිස් වෙන්න බෑ ඇන්ජිම හුටනවා. ඔහොම යද්දි ළමයෙක් පාර පනින්න හැදුවා. මං හෝන් එක ගැහුවා. සද්දයක් නෑ. කොහොමහරි හුටු හුටු සද්දේ ඇහිලා ළමයා අයින් වුනා . ඊට මීටර් 200ක් විතර ගිය ගමන් බස් හෝන් එකක් ඇහුනා. මං සේෆ්ටි ෆස්ට් කියලා දඩු මොනරේ අයින් කරගත්තා. මෙන්න පේන තෙක් මානෙක වාහනයක් නෑ. බයික් එකේ හෝන් එක තැපැලෙන් වැදිලා තියෙන්නේ.
එහෙ නාන තැනට කියන්නේ බාල්දිය කියලා, එතනට කොහොමහරි පණපිටින් ගියා. ගිහින් බැහැපු ගමන්ම මං අරුට කියලා මාව කොනිත්තගත්තා. එච්චරට ෂුවර් නෑ එද්දි පශ්චාත් භාගය වයිබ්‍රේට් උනු විදියට එහෙම එකක් ඉතුරු වේද කියලා.
අපි එද්දි එතන තව වීල් 2ක් තිබ්බා. අපිට කලින්ම කට්ටියක් සෙට් වෙලා වගේ. අරුන් ටික වීල් එක නැවැත්තුවා විතරයි එලියට පැන්නේ හද්ද මූසල කතාවක් කියාන.

"අඩේ නාන්න සබන් ගෙනාවට ඇදුම් ගෙනාවේ නෑ නේ."

"කමක් නෑ ඩෝ ජංගි පිටින් බහිමු"

"මං ජේ වී පී බං ආවේ."

තව එකෙක් වැඩේ කුරුවල් කරලම දැම්මා.

"අනේ ! උඹට නාන්න පින නැත්නම් ගොඩට වෙලා හිටු"
ඔහොම ඉතින් තව ජන්ගල් කෝස් එකක් දීලා නාන පොට් එකට සෙට් උනා.එතන අපිට කලින් ආපු අය හමකට තඩි බබා සිංදු කවි කරනවා. අහෝ ඛේදයකි ඉරකි තිතකි. දයාබර පාඨකය ටිකක් හිතලා බලන්න රම්බරි සින්දුව කොළොම්තොට නැත මහලු වී තාලෙට කියද්දි ඇතිවෙන හැගීම. එවැනි ජුගුප්සාජනක හැගුමක නිමග්න වී සිටි මම පියවී සිහියට ආවේ ජිල්බුගේ හඩ ඇසීමෙන්. කලිසම් , ටී ෂර්ට් ගලවලා ලග තිබ්බ පිනි ජම්බු වගේ වෙන ගහකට දැම්මේ වලට පනින්න හිතාන.

"මල්ලි "

ජිල්බුවගේ අයියට කතා කලා
"සුමනේ අයියේ කියන්න"
"අහ් මල්ලිත් ඇවිත් ඉන්නේ . මේ පාර යලුවෙකුත් එක්කන් ඇවිත් තියෙන්නේ"
"හි හි ඔව් අයියේ" ඒ අපේ ජිල්බුවා

අයියා දෙසට හැරි

"ෂොට් එකක් ඔනේද?"
"කූල් ද බඩු"
"හඃ හඃ අපේ මල්ලිට එහෙම කූල් නැති එවා අපි දෙනවද?"
"සුද්දා ගෙනෙන්කො අර දාපු එක"

ඒක මාර තාක්ෂණය ඔබ මා මේ කියන කතාව විශ්වාස කලාවිද දන්නෑ .වෙන කොල්ලෙක් වලට පැනල අතුරුදන් උනා. තත්පර කීපයකින් උඩට ආවේ ස්ට්‍රොන්ග් කෑන් 3කුත්  අතේ තියන්.
"අපි ඉතින් මෙහෙම තමා කූල් කරන්නේ "
ඔහොම කියලා අපිට කෑන් 2ක් දික් කලා

"මල්ලි උඹ බොනවද?"

බියර් හින්දා බොන්නත් බෑ ස්ට්‍රොන්ග් හින්දා අහක දාන්නත් බෑ.

ඕන පු__ සත 10 යි කියලා ඔව් කිව්වා. ඔතන මං නෑ කිව්වා නම් ජිල්බුවා මං දිහා බලන්නේ නිකන් ජෝන් ප්ලේයර් බොන්න බෑ කිව්වා වගේ විලම්භීත බැල්මකින්. ඉතින් ඔන්න දුන්න ස්ට්‍රොන්ග් එකක් ජිල්බුයි මායි ශෙයාර් කරගත්තා. මං පලවෙනි සොට් එක ගුඩුස් ගාලා ගැහුවා. ඊට පස්සේ සිලිමල්ලක ඔතලා තිබ්බ පකඩ පෙති දෙකක් කටේ දාගෙන ජිල්බුගෙන් ආයේ අරක ඉල්ලන් තව සොට් දෙක තුනක් ඇදලා බාගෙට උරපු ඩන්හිල් කොටේකිනුත් සොට් දෙකක් ඇදලා පකඩ පෙත්තක් කාලා අනික් එවුන් එක්කම වලට පැනලා දියබුං ගැහුවා.
මං ටිකක් කිමිදිලා බැලුවා නූතන තාක්ෂණය අභිබවමින් සොයාගත් මේ සිසිල් කිරිමේ යන්ත්‍රය.
ඒකට වචනයේ පරිසමාප්ත අරුතෙන්ම පේටන්ට් මෙව්වා එකක් දෙන්ට වටිනවා පතුල ඇතුලේ හාරලා කෑන් එක  ගල් 3 න් තමා රදවලා තියෙන්නේ.
වතුර ආපු කාලේ වගේ! එදා මුලින්ම වතුර දැකපු එවුන් ටික වගේ එක එක අයිටම් එකට නනා ඉද්දි අහස කලු කරන් හුටෑස් කියලා හෙන ගහගහ වහින්න ගත්තා,
අඩන්නය, මායි බයික් එකේ ආපු එකයි වැස්ස හොයා ගත්ත එකාගේ අම්මට බැන බැන ශෝටක් දාන් උඩින් තුවායක් පොරවන් වැටි වැටි ගිහින් බයික් එකේ නැගලා පැය භාගෙකට විනාඩි 25 ක් විතර අඩුවෙන් ට්‍රයි කරලා ස්ටාර්ට් කොරන් යන්න ගත්තා.

මට ඉතින් කියලා තියන වටිනම වස්තුව; මගේ මහ ජංගම දුරකතන රාජයා ඔතලා වීල් එකේ එවුන්ට දීලා තිබ්බේ.

ගහෙන් වැටුන මිනිහට වහලේ කඩන් වැටුනා වගේ කන්දක යද්දි ඉස්සරහින් කාර් එකක් එනවා. බයික් එකකටවත් යන්න බැරුව කාර්, මගුල! !@#*&^@#$%
මේ හුචක්කුවේ හෝන් එක වගේම බ්‍රේක් වදින්නෙත් තැපැලෙන් . පාරේ ඉඩ දෙන්න ගිහින් හුචක්කුව හිට්ටා.  කාර් එක ගියාට පස්සේ ආපහු පල්ලමට දාලා ස්ටාර්ට් කරන් යද්දි දැක්කා වීල් එකයි කාර් එකයි ලිප් කිස් එකක් දෙන්න ගිහින් ලාවට නවත්තගන්නවා. අපි මගක් ගිහින් නොතෙමෙන තැනක බයික් එක නතර කරන් අරුන් එනකන් ඉදලා උන් එක්ක කතා කරලා වෙන කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් වැස්ස තුරල් වෙනකම් හිටියා. පරණ දෙමළ ෆිලුමක් බැලුවා එතකම්. ෆිලුමේ නම හිංගේ ජලක් ජලක් කායෝ මීලාද කොහෙද!
අම්මටසුටු ඒ ගසන ගැසිල්ල. සූර්යා දුවන් ඇවිත් සරම කැහැපට ගහද්දි තුන් දෙනෙක් ඩවුන්. අඩිය පොලොවේ ගහද්දි තව පස් දෙනෙක් ඩවුන්. කොච්චර ඩවුන් උනත් කෙල්ලගේ හැට පැන්න නාකි මව , පියා , භාරකරුගෙන් නස්පුක් වෙන්න කනවා. ෆිලුමත් එක්කම වැස්සත් ඉවර උනා. අපි ඔක්කොම ඒ වෙද්දි හිටියේ තමිල්නාඩු ප්‍රාන්තයේ. කොහොමහරි එහෙදිම තව කලිසම් කොට දෙක තුනකුත් ඉල්ලන් ඒවත් මාරු කරන් සිල් ගත්ත උපාසක පැටැව් ටික වගේ ලොකු අම්මලගේ ගෙදරට සැට් උනා. ගිහින් බොරු 1001 විතර කිව්වා. ඇයි කවුද මහ එකෙක් කිව්වා නේ එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න ඕනෙ කියලා. කාලා බිලා කතා බහ කර කර ඉදලා . ඔහොම රැට නිදාගන්න ගියා.ජිල්බුටයි මටයි එක ඇදක්. අනේ මු කොලවෙරි ගහපු ගමන් කොට ඉරන්න ගත්තා. මට නින්ද යන්නෙම නෑ. උගුරත් එහෙන් මෙහෙන් කහගෙන ආවා. ඒ අස්සෙ මගුල චූ බරකුත් ආවා, නැගිටල යන්නත් ඕනේ , හොයගෙන යන්න තමා වෙන්නේ, දැන් ටික ටික කැස්සක් වගේත් එනවා වගේ . ඔහොම ඉද්දි එක පාරම කම්මුල නිකම් කූල් වුනා වගේ දැනුනා .
කිරිඅප්පගේ දුවගේ තාත්තගේ අම්මගේ පුතාට බල්ලෝ පැනපි. අල්ලපු ගමේ ගිය අවුරුද්දේ අවුරුදු කුමාරි උන සිරි ආච්චිගේ දුව තොත්තුවක් දුන්නා. යකෝ මේ ගෑනි කොහෙන්ද මේ රෑ මෙහෙ  ආවේ. රෑ බස් එකෙ වෙන්නැති කියලා එකිව අල්ලන්න යද්දිම එකි මගේ ඇගට කකුලක් දැම්මා.
"අප්පච්චියේ!!"
ලාවට කෑගැහුනේ හොද වෙලාවට . එ අර ගෑනි නෙමෙ ජිල්බුවාගේ කොහෙන් කැපුවත් කිලෝ දහයේ කකුලක්. හෙන ගහපන් මහත්ත්යෝ කියලා මිෂන් ඉම්පොසිබල් 3 වලින් පස්සේ කකුල එහාට දාගත්තා. මූට ජපනා බෝම්බ දාල ගියත් ගානක් නැති ගානයි. තාම 6x6 ලෑලි ඉරනවා. මෙන්න උගුර බල්ලෝ කනවා වගේ දැන්නම්. චූ බරත් එන්න එන්න ආතල් දෙනවා.
කොහොමින් කොහමහරි එලි වෙනකම් නින්දක් නෑ. උදේ පාන්දරම ජිල්බුවා නැගිට්ට ගමන් මං බෘං ගාලා වැසිකිලිය සොයා දිව්වේ තව මොහොතකින් පිරිච්ච මුත්‍රාශේ හිස් කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. අහෝ! දෛවය මෙතරම් කුමට සරදම් කරනවාදෝ. ඒ වෙලෙ කවුද වැසිකිලිය ඔකියුපයිඩ්. තව හිටියොත් හොයාගන්න බැරි ලෙඩකින් මං මැරෙන විත්තිය දන්න නිසාත් තාම කවුරුත් ඇහැරලත් නැති නිසා එහා වත්තේ තිබ්බ මඤ්ඤොක්කා පදුර සුපෝෂණයට බදුන් කරන ලදි.
දැන් අර කැස්ස ටික ටික උච්ඡ වෙනවා.කොහොමහරි බාම් එකක් හොයන් උගුරේ දෙපැත්ත ගාලා ඉද්දි ජිල්බුවත් කැහැ කැහැ එනවා. මෙන්න මූටත් කැස්ස. මොන රෙද්දක්ද ඇදේ රෙද්දේ අවුලක්වද්ද? කොහොමින් කොහමහරි උදේට කාල බස් එකේ ගෙදර ආවා. ආපු ගමන් දවල්ට කාල පොරවන් නිදාගත්තේ සීතලක් ආව නිසයි.
"මේ මොන යකෙක් වැහිලද? මේ පට්ට අව්වේ ශීට් තඩි පොරවන් නිදාගන්නේ"

එදා ගෙදර ඇවිත් හිටිය ආච්චි අම්මා එහෙම ඇහුවා.

ආබාධයකින් තොරව නිදාගත්තත් නැගිට්ට ගමන් සහලවල උණ අරන් දැන් බට තත්වෙට පත්වෙලා. ටිකක් හවස් වෙනකල් ඉදලා හංදියේ ඩිස්පැන්සෙරියේ දොස්තර මහත්තයා හමබවෙන්න ගියා.
අර මොකද්ද නලාව එහෙන් තියල මෙහෙන් තියල හුස්ම ගන්න කියලා ඇහැ බලලා කිව්වා වෛරස් උණක් වගේ. මේ පැත්තේ මේ වගේ උණක් නෑ කොහෙ හරි ගියාද?
මාත් ඔලුව වනලා දුන්න බෙහෙත් ටික ඔතන් ගිහින් කාලා බෙහෙතුත් බීලා නිදාගත්තා.
_________________________________________________________________________________

"පුතේ"

"පුතේ"

උදේ පාන්දරම අම්මා මාව ඇහරවලා කිව්වා කෝල් එකක් කියලා.
ආආ කවුද  යකෝ මට ගෙදර ෆෝන් එකට කතා කරන්නේ. පොලිසියෙන්ද දන්නෑ, සිරි ආච්චිගේ දුවව හීනෙන් අපයෝජනය කලයි කියලා.
කොහොමහරි ඒ වෙද්දි උණ අඩු වෙලා තිබ්බේ

"හෙලෝ"
"හෙලෝ කියන්න"

"මේ මචං මං ස_____ උඹ ගෙදරද?"

අම්මට උඩු ජිල්බුවා , ඇයි දන්නෑ මූ උදේ පාන්දරම කතා කරන්නේ

 "නෑ බං ගෙදර නෙවෙ මං මේ උදේ පාන්දරම ලෑන්ඩ් ෆෝන් එක උස්සන් හංදියට ආවා ඥානා අක්කගේ හිල නැති උලුදු වඩයක් කන්න."

"මේ ජෝක් නෙවේ බං මාර සීන් එක"

මෙන්න මු සිරියස් කතා කරනවා , මොකක් හරි අවුලක් වෙලා, අපෙ එකෙක් මැරුනා කිව්වත් හිනා වෙන මු මෙහෙම කියන්නේ මොකක් හරි වෙලා වෙන්න ඕනා.

"ඒ ඒ ඇයි මොකො කේස් එක?"

"ඊයේ උඹටත් උණ ගත්තද?"

"ඔව් බං"
"මටත් උණ ගත්තා බං අපි පෙණ අයින් කරන්නැතුවනේ බියර් එක ගැහුවේ ඒකයි බං සෙම ආවේ , අපේ අයියා කිව්වේ. ආයේ බං ඒක බීලා අපි නෑවත් එක්කනේ."

"හරි බං ඉතින් ඇයි දැන් මේ අවුලෙන් වගේ?"

"උඹ අද ගෙදරද බං"

"ඔව් බං"

"මේ මං දැන් ඔහේ එන්නද?"

"ඇයි බං මොකො උනේ උදේ පාන්දරම"

"මාර කේස් එකනේ බං , ඊයේ ගෙදර ආවට පස්සේ මටත් හොදටම උණ ගත්තා. ඉතින් මං අම්මට කිව්වා අම්මේ මං පොඩ්ඩක් නිදගන්නවා කියලා, ඊට පස්සේ ට්‍රයි කලා නින්ද ගිය නෑ, ඉතින් කොම්පුටරේ ඔන් කරලා සී.ඩී එක්කුත් දාලා දන්නවනේ බං අ_ ගැහුවා  . උණ විකාරෙටද මංදා හෙඩ්සෙට් එකත් දාලා හිටිය නිසා ඇස් දෙක පිය උනා හොදම හරියෙදි. "

"ඉතින් ඇයි බං මේ අවුලෙන්?"

"ඇස් ඇරලා බලද්දි මොනිටරේ උඩ සමහන් එකක් බං"


ප/ලි : බියර් බොද්දි පෙණ අයින් කරලා බොන්න. ආ තව අර උඩ ලියල තියන සංගිත කණ්ඩය එක දිගට කියවලා බලන්නකෝ
ස--රි ම--ම-- මග රිරි ප--ග ප--ග ග--ගනි
(-- වෙනුවට ඇලපිල්ල යොදන්නකෝ)












Sunday, August 31, 2014

හිතට වැදුන එක

"තෝ වනචරයා ! තොපි වගේ එවුන් නිසා තමා ගෑණු ළමයෙක්වත් පාරේ බැහැලා යවන්න බැරි"

කොන්ඩේ කෙලින් වෙලා බෙකම් වෙන, දත් මදින්නැතිව බබ්ල් ගම් කන, පුසුඹ ගහන්න සැන්ට් ගහන කලිසම අධෝ මාර්ගෙට පොඩ්ඩක් පහලින් එල්ලගන්න හිතෙන, ඉලන්දාරි වයසට ඔය වගේ කතාවක් උදේ හවා වෑර්ලස් එකේ පිරිත් වගේ උනාට
කලිසමේ හුජ්ජා යන එහෙන් මෙහෙන් මුනේ කිරි මයිලක් එන 10 වසරෙදි ඔය වගෙ කතාවක් ඇහුව ඇම්ඩගේ ටිකක් දුරින් නෑදෑයෙක්ගේ කතවක් මේ.

ලේසි පාසුවට කෝකටත් තෛලය වගේ මූ සමන් කියලා භෞතිස්ම කරන්ට ලෝක වාසි සමන්ලගෙන් අවසර.

ඔන්න ඔය කාලේ මානුෂීය මෙහෙයුම් ඉවර වෙලා කට්ටිය ෆුල් ෆන් එකෙ ඉන්න කාලේ , යුද්දෙ ඉවර වෙලා යුද්දෙන් බැට කාපු අපේ අහිංසක උතුරුකරේ සහෝදරයන්ගෙත් දකුණු කරේ අපේ අහිංසක සිතිවිලි හුවමාරු කරගන්න වැඩසටහනක් දියත් කරලා තිබ්බා.
හැම ඉස්කොලේකම වගේ ඉස්සරහා ඉදන් අත උස්සලා වන්දිභට්ට කම් කරන ටීචර්ලගේ දුවල පුතාලා පස් දෙනෙක් මේ වැඩසටහනට මාර කට්ටක් කාලා නිතරගයෙන් තේරී පත් උනේ , පවුල් සංස්ථා පිලිබද තුන් වැනි වගන්තියෙ එක දහස් එකසිය පනස්
වෙනි වගන්ති ප්‍රකාරයෙන් ගොඩ නැගී ඇති නීතියෙන් නිසා පසුපස සිටින සමන්ලත් පඩුවේ හිටියා.

ඔන්න ඉතින් කස්ටිය වැඩේට යන දවසත් සෙට් උනා. උදේ පාන්දර හතට විතර කොටියක් විතර දීලා ගත්ත ලක්ෂ පනහේ වෑන් එකට කට්ටිය  නගිද්දි ටීචර් කෙනෙක් සාරි පොටෙන් හොටු පෙර පෙර එනවා.

"බලන්නකෝ සර්, අපේ පුතාට බඩේ අමාරුවක් හැදුනා, ඔය ඔය අර ______ ගෑනිගේ වැඩක්, එකිගේ දුව මේකට නොදාපු එකට තියන ඉරිසියාව."

"සුරුරුරුරුරුරුරුරුරුරුරුරුර්ස්ස්ස්ස්ස්ස්ස්ස්"

ඒ ඇද්ද හොටු පාර ප්‍රින්සිපල් සර්ගේ කණ්ණාඩි කුට්ටමට මිලිමීටර් පහක් ඈතින් තිරසට තිහක කොණෙකින් ප්‍රක්ශීප්ත වෙනවා සාරි පොට නැති වෙන්න. සාරි පොටට පින් දිදි ප්‍රින්සිපල් සර්

"දැන් මොනා කරන්නේ? අනික් එවාගෙන් පහක් එවද්දි අපි හතරක් යැව්වොත් අපේ ස්කෝලේ නමයි කැත වෙන්නේ."

ඔන්න ඔය වෙලේ ටීචර් මට චූ බරයි කියලා පංතියෙන් පැනගත්ත සමන් හයේ හතේ නංගිලාගේ සුව දුක් සොයන්න යන ගමන් ප්‍රින්සිපල් සර් දැක්කා.

"එ අස්සෙත් අර ටීචර්,
" ඔය ගෑනි ඒ කාලේ ඉදන් මා එක්ක ඉරිසියයි . මං නොදන්නවය ඔකිගේ හැටි ඔකිගෙ එකි එක එකා එක්ක නටනවා මගෙ එකා හොදට ඉගෙන ගන්නවා, ඕකි තමා මොනාහරි හූනියමක් කරන්නැත්තේ."

"හ්හ්හ්හ්හ්හ්"
ඉකි ගහලා අරව මේවා කරලා සාරි පොට බටර් පොටක් කරන ගමන් ප්‍රින්සිපල් සර් ඇන්කර් පීඩීයා ප්‍රෝ බොන නිසාද මන්දා සමන් දැක්කා විතරයි ටිකිරි මොලේ පෑදුනා.

හැමදාම තාත්තා එක්ක ප්‍රින්සිපල් සර්ගේ ඔෆීසියේ සමන් එලියේ තියලා නූතන ආර්ථික ප්‍රවාහය ගැන කතා කරන්නේ සමන් ඒ කාලේ ඉස්කොලේ නම රැන්දුව කොල්ලෙක් නිසා, එක්කො හොරෙන් අඹ කඩනවා, නැත්නම් ගෘහ විද්‍යා කාමරෙ පිටිපස්සේ බැම්මේ
ඒක හදපු බාස් ටත් වඩ ගඩොලක් ගඩොලක් ගානේ දන්න නිසා, ටීචර්ලගේ මේස ඇතුලේ ගෙම්බෝ කැරපොත්තෝ දාන නිසා . කොහොමහරි  ප්‍රින්සිපල් සර් සමන් ට කතා කලා,

"සමන් ඒ සමන් මෙහේ එනවා"

"කිරි අප්පගේ දුවගේ තාත්තාට බල්ලෝ පැනපියව්, හුටා........... ඇයි සර් ? "


හරි ඊයේ ගලවපු ස්පීකරේ මාට්ටු වෙලාද කොහෙද? පන ගැහි ගැහි සර් ලගට සමන් ගියේ ආයේ තාත්තට ස්කෝලේ එන්න කිව්වොත් ස්කොලෙනුත් ගුටි කාලා තාත්තාගෙනුත් ඊට ඩබල් කන්න වෙන නිසයි,

"හරි සර් මූට ඇති තරම් ගහන්න මූව හදන්න බැරි නම් කොවේ දාලා හරි මකන්න සර්."

එදා තාත්තා සර්ට ලයිසන් දුන්න දවසේ ඉදන් සමන් කොයි වෙලෙත් හිටියේ මුත්‍රාශේ හිස් කරන් අම්මෝ කතන්දර නෑ නේ පුක පැලෙන්න දෙක වදිද්දි හුජ්ජ වුනොත් විලි ලැජ්ජයි නේ!

"සමන් ඔයාල්ගේ ගෙවල් මේ ලග නේද තියෙන්නේ? "

" ඔව් සර් ."

අඩොව් මෙන්න සර් ගෙවල් අහනවා ඇයි යකෝ ගෙවල් අහන්නේ, ලොකු අයියා අපිට හොරෙන් ගේ විකුනන්න පත්තරේට දාලාද.


"පුතා ඔයාව අපි විශේෂ වැඩසටහනකට තෝර ගත්තා. ඔයා මේකට ගිහිල්ලවත් හොදට ඉන්න පුතේ , ඔයාලගේ තාත්තලත් පුතා ගැන ආඩම්බර වෙයි"
 අම්මා සර් තමා ගම් කුකුලා , සමනා ස්කොලේ එහා වැටේ ගිනිසීරියා ගස් ගොඩ මැද්දේ තියන පස් පාරේ යාර විස්සක් විතර ගියාම එහා පැත්තෙ තියෙන ගෙදර බව ඔක්කොම දන්නවා. ඒ කියලා සර් ඔහොම බොරු කියන එක හරිද මන්දා .
දඹුලු ගිහින් එලකිරි තලගොයෙක් මරා ගත්ත සර් ඔහොම කියද්දි වටෙ පිටෙ ඉන්න ගුරුවරුන්ගේ මුනු කරත්ත රෝදෙට අහුවුන බලු බෙට්ට වගේ උනේ සමන් තමන්ගේ පුතාලා දුවලා එක්ක යන නිසා වෙන්න .

"පෘස්ස්ස්සුරුරුරුරුරුරුරුරුරුරුරු "

හොටු ශොට් එකක් ඇද්ද ටීචර් ගේ මූනේ පොඩි මන්දස්මිතයක් සෙට් වුනේ ෂුවර් එකට අහස පොඩ්ඩක් කලු කරල වහින්න ගිය නිස වෙන්න, මොකො කාලයක් තිස්සේ වැස්ස නැති අවුල ඒ පැත්තට තිබ්බනේ.
"හරි එහෙනම් පුතේ ඔය ඉක්මනට ගිහින් අම්මට කියලා දවස් පහකට හරියන්න ඇදුම් ලෑස්ති කරන් පැය බාගෙන් මෙතෙන්ටම එන්නකෝ"

(අකුරු වලට හැගීම් කියන්න පුලුවන් උනා නම්, ශික් සමන් හිටපු විදිය පෙන්නන්න තිබ්බා)

අරු උඩ බිම බලනව නයි කයිද රෝස් පාන් , ඇයි යකෝ අම්මට කොහොමද කටක් ඇරලා ඔය විත්තියක් කියන්නේ ,
"තෝ බල්ලා මොකක් හරි මුස්පේන්තු වැඩක් කරලා මෙතන බොරු කියන් එනව , මහ එකා වගේමයි ගහේ කටු උල් කරන්න ඕනෙය"

අනේ මේ මොන ජිගිරිබිලි වැඩැක්ද සෙට් උනේ,

"අනේ සර් මං ඊයේ ගලවපු ස්පිකරේ හංදියේ ඇන්ටන් අයියාගේ මස්සිනට දුන්න , ඌ උගේ කොම්පූතරේ මට කාර් යන්න දුන්නා, මං කොහොමහරි ඉල්ලන් එන්නම් සර්, තාත්තවත් එක්ක එන්නම්"

මෙහෙම කියන්න හිතුනත් බොහොම අමාරුවෙන් නවත්තගත්තා. ගේ හිටියොත් අඹු නසින්න ගිය වෙලේ ගොනා ඇන්නා වගේ සීන් එකක් වෙන්න යන්නේ.
අනේ මේ මොන ගිනි විජ්ජුම්බරයක් ද වෙන්නේ ජංගිය දාලත් නෑ හුජ්ජ වුනොත් කලිසමේ විලි ලැජ්ජයි එහා පංතියේ සමන්මලිත් හිටියා. ඕකි කොහෙන් කොහෙන් හිනා වෙයිද? ඕකි ටැප් එක ලග ඉද්දි ගවුම දිය රෙද්ද වෙන්න ටැප් එක කැඩුවේ ගිය සතියේ ,
 ඒකි මේ දැනුත් ඔරව ඔරව ඉන්නේ.

"හා සර්..."

උගුරට නොදැනි දිව කිව්ව කතාවට උගුර කපා ගන්න හිතුනත් , අතක් පයක් වගේද උගුරක්.

ඒ වෙලේ හැම තැනම ඉන්නවා වගේ මෙතන හිටිය නමක් නැති නිර්නාමික ගිනි පතුරවන දෙපාර්තමේන්තුවේ වැඩ කරන සර් කෙනෙක් ප්‍රින්සිපල් සර්ගේ උරහිසට ඩිස් ඩිස් ගාල තට්ටු දෙක දැම්මේ, නිකැළැල් පිරිසිදු සිතකින් බව ප්‍රින්සිපල් සරුත් දැනන් හිටියා.
ජෙට් එන්ජිම වගේ අඩි දෙකට රේස් කරපු සමන් ගුරු පාර දිගේ දිව්වේ කියන්න බොරු ටිකක් හදන්.
"අම්මේ ප්‍රින්සිපල් සර් මාව ගෙදර නවත්ගන්නවා කිව්වා," ඇයි මොකො කියලා ඇහුවොත් නැ නෑ වැඩේ දෙල් වෙනවා

"අම්මේ මේ පැත්තට ගැනියෙක්ගේ නමක් තියන සුලි සුලගක් එනවා කිව්වා රෙදි අරන් කන්දක් උඩට යන්න කිව්වා" අනේ යකෝ ගැනියෙක්ට බයේ කදු උඩ යන්නේ ඇයි ඒ ගැනි බිං කුන්ඩියෙක්ද? එහෙම ඇහුවොත් වැඩේ ඇරඹුමම කදුලක් වෙනවා

"අම්මේ මං ඊයේ ගලවපු ස්පීකරේ ඇන්ටන් අයියගේ මස්සිනට දුන්නා කියලා මාට්ටු, ස්පීකරේ දෙනකන් මාව ඇන්ටන් අයියගේ ගෙදර නවත්තනව කිව්වා"

අඩෝ ඒක කිව්වොත් ටිකක් හරි විශ්වාස කරයි එලකිරි කියල ගෙදෙට්ට දුවද්දි අම්මා නෑ.
දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා.

"අම්මේ ප්‍රින්සිපල් සර් මාව මොකද්ද එහෙකට තෝර ගත්තා, නෑ නෑ බය වෙන්න එපා වැරදි දෙයක් නෙවේ , බොරු නම් සර් ගෙන් අහන්න කියන්න තාත්තට .මං තව දවස් පහකින් එන්නේ "

කොලයක් ගත්ත සමන් ඉක්මනට ඔහොම ලියලා අල්ලපු ගෙදර කුසුමා අක්කට විස්තරේ කියල වැලේ තිබ්බ ජංගි දෙකයි කලිසම් දෙකයි දාගෙන කොල කෑල්ල දොරෙ ගහලා  බැග් එකෙ තිබ්බ පොත් දෙක කොස් ගහ යට තිබ්බ ගල දිහාට විසි කරලා බැග්
එක එල්ලන් ස්කෝලෙට දිව්වා.
_____________________________________
යද්දි පත්තු කරපු ගින්න තාම හුචු හුචු ගානව ප්‍රින්සිපල් සර් කෙලින් වැඩ කරන නිසා අවුලක් නෑ . ගින්න පත්තු කරන්න ගත්ත ගිනිකූර උඩින් පොඩ්ඩක් රවුම් කරන් පු___ ගහගන්න කියලා සර් සමන් ආපු ගමන් හරි පුතේ පරිස්සමට යන්න කියල තමන්ගේ
සාක්කුවෙන් ගත්ත රුපියල් පන්සීයේ කොලේ සමන්ට දුන්නේ හදිසියක් උනොත් කියලා. මොකො සරුත් දන්නවා කොල්ලා හොද බෝලයක් බස්සලා ගෙදෙට්ට නයෙක් ඇරල එන්නේ කියලා.

"අම්මාට කිව්වද පුතේ?"

"නෑ සර් අම්මලා ගෙදර හිටියේ නෑ මං අල්ලපු ගෙදර අක්කට කියලා ආවේ සර්"

"හා කමක් නෑ මං හවසට තාත්තට ගිහින් කියන්නම්, පුතා පරිස්සමෙන් ගිහින් එන්න, ගිහින් දග වැඩ එහෙම කරනවා නෙවෙ"

"හරි සර්" කියලා, සමන් දන ගහලා වැන්දේ ඇත්තටම අන්තිම පේලියේ ඉන්න සමන් වගේ කොල්ලෝ ඉස්සරහ පේලි වල ඉන්න සමන්මලිලා නොදන්න ගතිගුන කියන සබ්ජෙක්ටුව ඉහලින්ම සමත් උන නිසයි.
වටේ හිටිය සර්ල ටීචර්ලට වදින්න කකුල නැමෙන්න හැදුවත් සමන් දැක්කම ගූ ගොඩක් දැක්කා වගෙ සත පහ මූනු දැක්කම සන්තානයෙන් ආපු මැසේජ් එක නිසා සමන් කකුලේ බෝල් ජොයින්ට් තද කරන් වෙන දෙයක් වෙද්දෙන් නැට්ට පිටින්නේ බොලව්
අලි මැරෙන්නේ කියලා හිටියා.

කට්ටිය වෑන් එකට නැග්ගා සමන් පාඩුවේ අන්තිමට නැගල පිටිපස්සේ තියන ඉස්සරහ ශීට් එකේ තට්ටමෙන් බාගයක් තියන් ඉදගත්තා. ළම්යි භාරව හිටියෙ ස්කෝලෙට අලුතෙන් ආව දෙමළ සර්, භාෂා ගැටලු නිසා දෙමළ සර් කෙනෙක් අනිවාර්ය කරලා තිබ්බේ
නැත්නම් ඕකට යන්න ටීචර්ලා කෙහෙවලු පටලගද්දි ස්කොලේ තුන් වැනි ලෝක යුද්දේ වෙනවා. ගුණේ අයියා සුක්කානම වටෙ වට දෙකක් අත යවලා නමෝ විත්තියෙන් ගමන ඇරඹුවා.

"ඔය මේ පාර සිංහල වලට ලකුණු කීයද මෙයා?"

"ඔයා මට වඩා වැඩි බුද්ධාගම විතරනේ අනේ. "

"ඉන්නකෝ ලබන පාර මං ඔයාට වඩා කොහොමහරි ලකුනු දානවා"

"මේ මොකටද අනේ අර සමන් එක්කන් යන්නේ?"

"එයා නිසා අපේ නමුත් කැත වෙයිද දන්නේ නෑ"

ඔහොම කතා මැද්දේ ගුණේ අයියා ගමනාන්තයට ආවා. කට්ටිය බැහැලා සර් එක්ක රෙජිස්ට්‍රෙෂන් එකට ගිහින් වැඩ ඔක්කොම කරගෙන ඩෝම් වලට ආවා.
හ්ම්! එතන ඉන්න සර්ලා උතුරෙන් එන දෙමළ ළමයි පිලිගන්න උත්සවේ ගැන එදා දවසේ විස්තර කරලා කට්ටිය විසිරෙව්වා.
ඔහොම ගිහින් කට්ටිය රෑට එහෙම කාලා නිදගත්තා. අවුරුදු පහකට රට යන්න බෑග් ගෙනාපු අනික් සමහරු කොට්ට නෑ කියලා අඩනවා. විකාරයයි එතන.සමන් ඉතින් කතන්දර නෑ බෑග් එක උඩින් ෂර්ට් කෑල්ලක් එලා ගත්තා ෆුල් හින්දුස්තාන් කොලවෙරි ගැහුවා.
ඔන්න ඉතින් එළි උනාට එහෙම පස්සේ අර උතුරින් බැහැපු සෙට් එක දකුණෙන් මල් දීලා පිලි අරන් ටික දොහක් යද්දි කට්ටිය අදුරගන්න කියලා තේ වෙලාව දුන්නා.

"ආඩවනේ මුරුගාආආආආආආ"

"අප්පඩි පෝඩා පෝඩා"

"වනවානම් කයිය පඩංකා "

"සුම්මා සුමා පොඩ්ඩක් පොඩ්ඩක් කොන්ජම් තමිල් දන්නවා"

එකා එකා එක එක අයිටම් උන් කියන එව්වා මුන්ට ග්‍රීක් මුන් කියන එවා උන්ට චයිනිස්.

ඒකේ ඇතුලේ විස්තර කියන්න ගියොත් කතාව දික් වෙනව ලුහුඩින් සරලව සුගමව කිව්වොත් ගොඩක් තිබ්බේ  අතේ පයේ, දුවල පැනල කරන ක්‍රීඩා වගේ දේවල් කණ්ඩායම් විදියට වැඩ කරන්න දේශන වගේ දේවල් තමා තිබ්බේ,

ගෙදර කාමරේට හිර වෙච්ච, අනිකා ලකුණක් ගත්තම අරවා මේවා ඉරාගෙන විකාගෙන පාඩම් කරන උන්ට වඩා ගගේ පැනලා කොල්ලෝ එක්ක ගඩා ගෙඩි හොරෙන් කාපු සමන්ලා එතන ලොකු චරිත උනා.
ඇත්තටම පැලේ ඉන්න ගගේ නාන අපිට මොන ඒසිද මහත්තයෝ කියන සමන්ලගේ ජීවත ගොඩක් සුන්දරයි, සමන්මලීලට ලයිට් ගොඩක් දාපු ගෙවල් තිබ්බට සමන්ලට අහසෙ තරු කෝටි ගානක් තියනවා, සමන්මලීලට තාප්ප තිබ්බට සමන්ලට කුසුමා වගෙ
අසල්වැසියෝ ඉන්නවා, සමන්මලීලා ඉරිදට ඉරිදට පූල් ගියාට සමන්ලට නාන්න ගගවල් තියන්වා.
පොඩි ඇඩ් එකක් දැම්මේ, නැවතත් සුපුරුදු වැඩසටහන

ඔන්න ඔහොම කාලේ යද්දි සමන්ගේ ඇහැට නිතරම ඇහැ ගැටෙන තමන්ට සමීපයි කියලා හිතෙන රූපයක් ගැන ලෙන්ගතුකමක් එනවා. දැන් අහන්න එපා දහය වසරෙදි මොන ගෑනුද කියලා. ඒක අරුගේ වලත්තකම එක්ක ගනුදෙනු කරන කාරණාවක්.
ඔන්න ඉතින් අරූත් මේකි දිහා බලන් ඉන්නවා. කාටවත් ගානක් නෑ. කොහොමින් කොහොමහරි මේක සමන්මලීලට මීටර්. උන් හිටියේ සමනා මේකෙ ඇවිත් පොර උනාට පුපුර පුපුර . ඉතින් සමනත් තමන්ගේ ජිගිරිබිරිස් මෝලේ පොඩ්ඩක් මීටර් කරලා අරකිගේ
 යාලුවෙක් ටෝක් කරන් ඒකිගේ නම ච____ කියලා හොයාගත්තා( චන්ද්‍රාවති ද කොහෙද ) පස්සේ පණිවිඩයක් කිව්වා අරයා ලස්සනයි කිව්වා කියලා කියන්න කියලා. ඒ වෙද්දි සමන්මලීලා වැඩේ හාක්‍රෝස් පටාස් කරලා .

අන්තිම දවස.

එදා යන දවස එතන මලගෙයයි. කෙල්ලෝ අඩනවා, අනේ මගේ යාලුවෝ දාලා යන්න බෑ කියලා. දෙමල කෙල්ලෝ සිංහල කෙල්ලොන්ගේ ටයි වලින් හොටු හූරනවා අරුන් දෙමල කෙල්ලොන්ගේ ටයි වලින් සමහර කොල්ලොත් දෙකට නැමිලා අඩනවා

"ඕඕඕඕඕ!!!!!!!! එන්නඩා සුම්මඩා"  අන්ඩ පුන්ඩ ගගා අඩනවා . පස්සේ තමා සීන් එක ඇන්ටර් උනේ. මෙන්න අංකල් කාරයෙක් කාඩ් කෑලි අරෙහෙන් මෙහෙන් ගහලා කැමරා කරනවා කවුද ඇම්බෘස් කෙනෙක් කියලා අද රෑ අටට ලයිව වටේ ඕක පෙන්නවා කියලා .
 කට්ටිය සූ ගාලා අඩනවා.

සමන් ඒ මලගෙවල් ඇතුලේ මගුල් හොයනවා. අර හිත ගිය තැන හැදුන මාලිගාවට දාන්න රයිනෝ ශීට් ගන්න ගිය ගමන් පාර්ක් එකේ සුන්දර් අයියට කියන්න ඕනේ කිය කිය හිත හිත අර මූන හොයනවා.

යුරේකා යුරේකා, ස්කොලෙට ජංගි නොඇන්දට මෙතනදි නම් ඇදපු ජංගියත් ගලවලා දුවන්න සමන්ට හිතුනා.

"තෝ වනචරයා ! තොපි වගේ එවුන් නිසා තමා ගෑණු ළමයෙක්වත් පාරේ බැහැලා යවන්න බැරි,මෙතන ස්කොලේ කාලේ මගුල් නටන්න හොයනවා. තොපි තොපි නිසා තමා දුවෙක් හදාගන්න බැරි වනචර හැත්ත"
මොන මගුලක්ද මේ? දෙයියෝ ටොකු ඇනලා දීලා ටොක්ක විතරක් ඇනල නිකන් හිටියද කොහෙද.

"තෝ දන්නවද මං කවුද කියලා"

"මං මේකිගේ අම්මා"
හරි සන්තෝසයි මහත්තයෝ. සමන්ට හොද දෙකක් කියන්න හිතුනත් නැන්දනේ නේ කියලා නිකන් උන්නා.

"උඹලා වගේ රස්තියාදු කාර දුප්පත් එවුන්ට දෙන්න ලමයි නෑ අපි ගාව" !@#$%^&*()(*&^%$#@!@#$%^&*"
_____________________________________
ගොවියාගේ හිත මිතුරා ලංකෙම්
________________________________________
අම්මා පැයක් විතර බැනපු නිසා අතරමග ඇඩ් එකක් දැම්මේ. නැවතත් සුපුරුදු වැඩසටහන.
"මං මේක ලේසියෙන් අත් අරින්නේ"

කියලා ඉවර කලා.
කොච්චර බැනුම ඇහුවත් ගුටි කෑවැත් හිතේ ඇදුන රූපේ ඉස්සරහ අහපු බැනුම් සමන්ගේ ආත්මෙටම වැදුනා. කොච්චර කෙල්ලෝ පස්සේ ගිහින් අයියලගෙන් ගුටි කාලා තිබ්බත් ඒ බැනුම් ජෝන් සීනාගේ කනේ පාර වගේ  දෙපටින් ගියා.

එතන කතන්දරේ ඉවරයි. එදායින් පස්සේ සමන් ගොඩක් වෙනස් වුනා උබලා වගෙ දුප්පත් එවුන්ට දෙන්න අපි ගාව ළමයි නෑ. , මේ කතාව ඔහුගේ ආත්මය වෙලා ගත් දුහුල් රෙද්දක් උනා. ඔහු ඇය පිළිබද ගොඩක් දේ හොය ගත්තා. ඇය ඔහුගේ සිත අරක් ගත්
දේවතාවිය ලෙස සින්නක්කරව පදිංචි උනා. ඇයට සමන් පිලිබද කිසිදු මතකයක් නැත. එහෙත් ඔහුගේ ආත්මය ඇයයි. එය අවසානාවද? කෙසේ වෙතත් අද ඔහු වෛද්‍ය සිසුවෙක්. ඔහුගෙන් ගොඩක් දුර සිටි ඇය පාරෙ බෝක්කුවක් උඩ ඉන්න රස්තියදුකාරයෙකුගෙ
ඉරණම එසේ නව පරිච්ඡෙදයකින් කණපිට හැරවිය. මිනිසිකුගේ ජිවීතය වෙනස් කරන්න යන්නේ තත්පරයයි ඔබේ මගේ මනෝ භාවයේ උඩින් රජ කරන ඕලාරික බොලද සුදු සේලය ඉවත් කොට වියැලුණු ආත්මයට ජීවිතය එන්නත් කරන්න. සමන්ගේ ආත්මයට
ජීවිතය සේල්යින් කලේ හිතේ ඇදුනු ලෙංගතු නොවු ඒක පාර්ශවික ප්‍රේමයක් හා වදන් ස්වල්පයක්.

ඒනම් ආයිබෝංඩ!  

ප\ලි: මෙය ඔබට විශ්වාස කල හැකිද නැතිද යන්න මම නොදනි. මෙහි කිසිදු චරිතයක් විවේචනය කර නැත.එසේ ආරෝපණය කර සිතීම අඩු අධ්‍යාපනික මන්ද මානසිකත්වය නිසාය. තව දෙයක් මාතෘකාව ගැලපෙන්නේ නෑ වගේ :(

Monday, July 28, 2014

නැග්ගොත් දෙබලක්!!!


"කොළොම් තොටේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ"
 ඔන්න ඔහොම කියලා මගේ රත්තරන් අම්මා තමන්ගේ කාලකණ්නි පුතාට
බුදු සරණයි පරිස්සමට ගිහින් වරෙන් කියල කිව්වා.
නිවාඩුවට ගෙදර ආපු ලොකු අම්මාගේ පුතා මධු අයියත් සෙට් කරන් කොළොම්පුර ආක්‍රමණය කරන්නයි ලෑස්තිය. මධු අයියා නෑදෑ කමට "ලොකු අම්මගේ ලොකු පුතා" උනාට මගේම අයියා වගේ.
 මටයි ඌටයි දෙන්නටම කටහැකර නංගි කෙනෙක් එක බඩ වැල කඩන් ආපු එක සහ සහොදරයෝ නොසිටීම යන පොදු ධර්මතාවය මත කලිසමේ හුජ්ජා කරගන්නා කාලේ සිටම ඌයි මායි අයියා මලෝ වගේ.

ඉලක්කම් 4ක් කරකවලා පශ්චාත්භාගය පුච්චා ගැනීමේ පුටුවක ඉදගන්න තියන තරගෙක 100 දෙනාගේ මූලික වටේට එන්න කියලා තිබ්බ නිසා කාලෙකින් කොළඹ ගිහින් එන්න බැරි උන නිසයි
අරුයි මායි උදේ පාන්දර තුනට විතර නැගිටලා ,ජංගි කොට දෙකයි වතුර බොතලෙයි දාපු බෑග් එක අතට  අරන් පාරට බහින්න හදද්දී කොහෙද හිටිය අවලම්භිත , දුස්‍රාවි , සෙපලපෝඩා හූනෙක් "චුක් චුක්" ගෑවා.
ඒ වෙලාවේ හැටියට හුනෝ නෙවෙ අහල පහල ඉන්න ජිගිරිබිල්ලොත් කෑ නොගැහුවොත් තමා අවුල.

"උදේ පාන්දර ලයිට් දාලා හුනා උනත් ඇහැරුවම ඌට අපේ ආච්චිගෙ මහත්තයගේ දුවලගේ පුතාලා මතක් වෙන එක සාධරණයි බං"

කියපු අයියයි මායි අම්මටයි තාත්තටයි වැදලා පාරට වෙලා කොලඹට ෆ්ලයි කරන බස් එකක් එනකන්  හිටියා
මේ කුම්භකර්ණයා හිටන් නිදි . හීනෙනුත් වෙලෙන් එහා පැත්තෙ මාර ගහ ගාව ලිසි ආච්චිගේ ලොකු දුවගේ නම මුමුණනවා.

"කෙල්ලෝ හැමෝම එකයි බං ඔකුන්ගේ වෙනසක් නෑ බං. ඔකුන්ට පදිරි වෙවි පස්සෙන් යන්න එපා බං. "

අනේ යකෝ කඩේ ගාවදි අපේ ලොකු අම්මව මතක් කරපු ඒකි ගැන තාම මූ හිතනවා. අනේ ඉතින් ගෑනු ගැන වෙන වෙලාවට මට මහාචර්ය ටෝක් දෙන මූ නේ මේ කියලා ඇහැරෙව්වා.

"ඒ නැගිටහන්!"

" අඩේ කොහෙද කොට්ටාවෙද? බහිමු බහිමු"

"කොට්ටාවට යන්න තියා බස් එකටවත් නැග්ගේ නෑ තාම."

"පට්ට හීනේ යකෝ තෝ මාව ඇහැරුවානේ"

" ඇයි මේ පාර නිලූ මොනවද කිව්වේ , ?"

"උබ කොහොමද ඒක දන්නේ? "

" නිදාගත්තම හරි අයියාගේ ඔය මහචාර්ය ටෝක් දෙන දිව බොරු කියන්නැති එක ගැන සන්තොසයි"

වෙලාවට බස් එකක් ආවා  අත දාල නවත්තපු මං නින්දත් නොනින්දත් අතර හිටි අපේ ගගනගාමියවත් උස්සගෙන වගේ බස් එකට නග්ගගත්තා.
මට ඒ වෙලේ නම් ඔක්කොම අත ඇරලා වනගත වෙන්න හිතුනා. හපොයි! නිදාගත්තම මිනුස්සු මෙච්චර කැතද? එක එකා එක එක ස්ටයිල් එකට නිදි. එකෙක් නිදි, ඌ කට ඇරන් ,
උණ්ඩුක පුච්චේ ඇතුලේ ඌ පෙරේද උදේට කාපු වඩේ එකේ පරිප්පු ඇට දෙක තුනකුත් පේනවා .

 තව කෙල්ලෙක් නිදි එකිගේ කොල්ලා කියන එකාගේ උරහිසට ඔලුව තියන්
අහෝ! සංසාරේ අරකිගෙ කට කෙල ඔක්කොම අරුගේ අලුත ගත්ත ෂර්ට් එකේ . ඌත් හොද වෙලාවට නිදි. ඌ වැරදිලාවත් ඒ වෙලේ ඇහැරලා  හිටියනම් තවත් අහිංසක ආදර කතාවක අවසානය.
කොහොමින් කොහොම හරි කලකිරුණ සසර අතට අරන් ෂීට් එකක් හොයන් ගිහින් වාඩි උනා. ජනෙල්ලේ ලග මං වාඩි උනා.

අයියා නම් ඉදගත්තේ ගොරවපු ගමන් . වාඩිඋන ගමන් ඌ  kolaveri ගැහුවා.

කොන්දොස්තර අයියා  ලගට ඇවිත් කොහෙට්ටද මල්ලි කියලා "බරූස් බරූස්" ගාල ටිකට් දෙක කඩලා ඉතිරි රුපියල් 15 පස්සේ දෙන්නම් කිව්වා.
 ඒ 15 දානයක් දුන්නා කියලා හිතාගත්තේ ඔය 15 ඉල්ලන්න ගියොත් 1000ක් කුණු කතා අහලා අපේ ලේත් නරක් කරන් උදේ පාන්දරම මගේ ගමන ඇට්ටකුණා කරගන්න බැරි නිසයි.
ඔහොම හිටි මටත් ටික ටික නිදි දෙව්දුව හාදු දෙන්න ගත්තා. මොකෙක් වුනත් කෙල්ලෙක් නේ කියලා මාත් දුන්න කිස් එක මෙව්ව කරගත්තා.  මොනා වුනත් ගෑණු පරාණයක් කියලා එකක් මගේ ජිවිතේට ඇන්ටර් වෙන්නේ ඔය කියන නිදි දෙව්දුව විතරනේ.
ඒ නිසා නෑ බෑ නොකියා දෙන ඕනේ දෙයක් ගන්නවා .

"අනේ පැටියො මං ඔයාට ගොඩක් ආදරෙයි සුදු"

"ඔයා කාජල් නෙවෙ කවුරු උනත් මට බෑ ඔයාට කැමති වෙන්න"

"අනේ ඇයි පැටියො ඔයා ඔහොම කියන්නේ ?" ඔයා දන්නෑ සුදු මං ඔයා ගැන කොච්චර හිතනවද කියල, අනී මේ රෝස මල වගෙ මගේ ආදරෙත්, පිවිතුරුයි."

"අනේ පැටියෝ #!@%^&, පම්ප් එකක් දාන්න ඕනේ නම් දාල එන්න වැඩි වෙලා නවත්තන්නේ නෑ"

අඩො මෙන්න කාජල් රෝස මලක් දීලා පම්ප් එකක් දාන්න කතා කරනවා!

"ඒ ඒ නැගිටහන් "

"අම්මට උඩු! "

"අම්මට උඩු නෙවෙ බං මොනා හරි කාලා එමු. පරකඩුවටත් ඇවිත්"

"මාර හීනේ ඕයි කාජල් මගෙන් යාලු වෙන්න ඇහුවා! මං ලොකු ලයින් දිදි හිටියේ හා කියන්න හදද්දිමයි මේ කොන්දා ඇහැරෙව්වේ, ෂික් :( "

"උබට සුවර්ද කාජල් කියලා? මෙහෙ වරෙන් මොනා හරි කාලා ඉමු"

මාලු නැති අල මාලු බනිස් දෙකක් කාලා කහට නැති සීනි වතුර එක දාපු කෝප්පේ වටේ හිටපු කූඹි ටික අයින් කරලා ඒකත් බීලා , රු.160ත් ගෙව්වා

"දැන් කෑමත් සෑහෙන්න ගණන් නේ? "
 "ඔව් මහත්තයෝ පෙරෙදා ඩීසල් ගණන් ගියානේ"

ආයේ මොකුත් කියන්නැතුව කට වහගත්ත අයියා මගේ මූණ දිහා කබලෙන් ලිපට වැටුන මිනිහට ගොනා ඇනලා වගේ බලලා බිල සෙට්ල් කරලා කඩේ පිටිපස්සේ ලැට් එකට සෙට් වුනේ ලොකු බරක් නිදහස් කරන්න.
අම්මපා එතෙන්ට ආවට වඩා හොදයි කලිසමේ දාගන්නවා. ඒකට එහා පැත්තේ මිනුස්සු උයනවා , ඒක දැකලා බඩ නිකන් ආතල් එකක් දෙනවා වගේ. හිත හදාගෙන මාලු බනිස් කෑවේ නෑ වගේ බඩත් රවට්ටගෙන බරත් අඩු කරන් එලියට බැස්ස ගමන් අයියා කිව්වා

"මං ඒකනේ කිව්වේ අර ජම්බෝල ගහ එහා පැත්තට අල්ලමු කියලා, ඒක දැකල පෙරේදා කාපු එවත් එලියට එන්න වගේ"

එහෙම දෙයක් කිව්වේ නැතැත් එහෙම් කිව්වා නම් හොදයි කියලා මටත් හිතුනා.

කොහොම හරි බස් එකට නැගල වාඩි වෙලා නිකන් පිටිපස්ස බලද්දි මෙන්න යකෝ ඉස්සෙල්ලා කට කෙල පෙරන් උන්න ගිනිගන්න හේනක වැදිරි සුරංගනාවි වගේ ඉන්නවා.
හිත නිකම් මෙව්වා වෙලා අරව්වා වෙලා ආයේ මෙව්වා වෙලා නිකම් මොකද්ද වෙලා ආපහු පීයවි සිහියට ආවා. කොහොමින් කොහමහරි බස් එක කොට්ටාවට ආවා, කොට්ටාවෙන් බැහැලා ගල්කිස්ස බස් එකත් අමාරුවෙන් හොයන් රත්මලානට ගොඩ බැස්සා.

"අඩෝ අපේ පැත්තේ ඇල් වතුර ටිකක් බීලා හිටියත් සැපයි නේ බං"

"සිරාවටම එක නම් ඇත්ත!, මේ ඒක නෙවෙ ඇයි අපේ පැත්තේ මෙච්චර ලස්සන කැලි නැත්තේ?"

"මෙහෙමයි, ඒකට හේතු දෙකක් තියනවා, එක, අපි වගේ එවුන් උපතින්ම ගේන කරුමයක් තියනවනේ, ඒක අපි ඉන්න තැනටත් බලපාලා, දෙක ඇත්තටම මුන් ලස්සන නෑ වතුර පාරක් ගැහුවානම් නැත්නම් වැලි කඩදාසියකින් මැද්දා නම් මුන්ගේ උපන් කලු පේනවා,
අනික මුන් යන්නේ ලොකු ලොකු වාහන ඇතුලේ අර ගාල තියන අගල් හයේ බදාමේ ලේසියෙන් ගැලවෙන්නේ නෑ"

"අර එද්දි අපේ ෂීට් එක පිටිපස්සේ හිටිය කෙල්ලව දැක්කද? ඒකි නිදන් ඉද්දි දැක්කද? ගෑණු හැමෝම එකයි බං නමින් විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා, කරුමේ කියන්නේ සමහරුන්ගේ නමුත් එකයි"

අම්මට උඩු අයියත් චරිතේ තමා ඇ? මං හිතුවේ මට විතරයි ඒක මිටර් උනේ කියලා. කොහෙද ඉතින් චීත්ත කෑල්ලක් යන්තම් හෙල වුනත් ඇහෙ පොට යවාගෙන හරි බලන එක මට පුරුදු කලෙත් නෑදෑ කමට "අපේ ලොකු අම්මගේ පුතානේ"
ගුරා ලෙසටම තියරියට ප්‍රැක්ටිකල් කරන බව මට තේරුනා.
ඉස්සර සිප් එකට අහවල් එක අහු කරගන්න කාලෙත් පොඩි කෙල්ලෙක් ගියත් ඒ ඒ අර බලපං කියන එකේ දැන් කියන එක අරුමයක්ය!

කොහොමින් කොහොමහරි බස් එකෙන් බැහැලා ගිගින් උදේට ආපහු සයිවර් කඩේකින් රයිස් දෙකක් කාලා කෝක් දෙකක් ගහලා ආපු වැඩේ කරගත්තා.
අපි සෙට් උනේ ඔය අකුරු තුනේ ලොකු කඩෙකින් කාලා, ලොකු කඩෙකින් ජංගියක් අරන් පුටෝ එකක් ගහලා මූණූපොතේ දාන්න . මොන! මෙන්න හෙන ගගහා වහිනවා.
 අර තරගෙට ගියෙත් ගෙදර ඉන්න බැරි කමට ,කාලෙකින් කොළොඹ ආපු එක වතුරේ. මොනා කරන්න වීල් එකක් අරන් ගිහින් පාරේ අයිනේ කඩේකින් කැවා.

"මේ ඔන්න ඔහේ මේ භාගෙට තම්බපු බිත්තරෙ පුටො එකක් ගහලා ලොකු කඩෙකින් කැවා කියලා දාමුද අයියා?"

හිතේ හිරවෙච්ච දුක අන්න එහෙමයි එලියට පැන්නේ.

"වැඩක් නෑ බං ඔන්න ඔහේ මේක කාලා ඉක්මනට යමන්, මේ අද ආරි බාප්පලට කෝල් එකක් දීලා එහෙ යමන්ද කැළණියේ නේ"

"බෑ අයියා හෙට පෝයට දානයක් තියනවා , යන්න ඕනේ "

කාලා බිල ගෙවලා කොටුව බස් එකක් අල්ලන් නැග්ගා. කොටුවෙන් බහිනකම් ජිවතුන් අතර ඉන්නවද කිය කිය මං මාවම කොනිත්ත කොනිත්ත ගියේ. හැමවෙලෙම බස් එක ගිහින් ට්‍රයි කරන්නේ ඉස්සරහා තියන වාහනේ එක්ක තොලක් දාන්න.
මට හිතෙන්නේ එ බස් අංකල්ට පොඩි කාලෙ දුර මනින්න උගන්නල තියෙන්නෙ නූල, මිලිමිටරය වගේ ඒකක වලින්. ඇයි යකෝ ගිහින් බ්‍රේක් එක ගහනවා ඉස්සරහ වාහනේ ගෑවි නොගෑවි. බයටයි රස්නෙටයි දාඩිය වලින් නෑවිලා කොටුවෙන් බහිද්දි.
රුපියල් 20ක් දිලා ආයේ රීෆිල් උන එක ලූස් කරන් ඇතුලට යද්දි මෙන්න යකෝ බස් එකට නගින්න පෝලිම.
"හුටා! හෙට වෙසක් පොයනේ යකෝ, හිටගෙන තමා යන්න වෙන්නේ"
අයියා එහෙම කියද්දි කොටුවෙන් රු.2.75ට පැදුරක් අරන් එතන බුදියන්න හිතුනා ඇයි යකෝ ලෙසි පාසුවක්ය, පැය 6, 7ක් හිටගෙන ,
අඩොව්!!! දුවගෙන ගිහින් සෙමියක නැග්ග අපි දෙන්නට ගියා ආත්මේ වැරදිලා කරපු පිනක් පල දීලා වගේ අන්තිම ෂීට් එකේ ෂීට් 2ක් ලැබුනා.

"හා......................................"

ඉදලා ඉදලා කෑල්ලක් සෙට් උනාම , නැත්නම් බිම තිබිලා පර්ස් එකක් හම්බුනාම තියෙන සතුට මේක කියවන ඔයලා නිකන් හරි දන්නවා ඇතිනේ. මට නම් තාම එහෙම අත්දෑකීමක් නෑ,
 අල්ලපු ගෙදර පොඩි එකා තමා මටත් කිව්වේ කෑල්ලක් එහෙම සෙට් උනාම මාර හැපි කියලා, අන්න ඒ වගෙ සතුටක් වෙන්න ඕනේ ඒ වෙලෙ අපි දෙන්නට ෂීට් දෙක දැක්කම  දැණුනේ.
"හරි මහත්තයා නගින්න ! පිටිපස්සේ තව ඉඩ තියනවා"

අනේ යකෝ එහා පැත්තේ ඉන්න මනුස්සයගේ එක තට්ටමක් මගෙ කකුල උඩ මූ තව දාන්න යනවා. මුන්ට සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුඹි කාල මැරෙන්න.

වැඩක් නෑ කතා කරලා පිනට ෂීට් එකට හම්බුනාට පින බාගෙටද කොහෙද කරලා තියෙන්නේ
 ලබ්බ අස්ස තොවිලේ වගේ එනවා. අයියා කියපු කතාව ඇත්ත බස් එක ෆුල් පුරවලා තව ටිකක් පුරවලා. පව් කෙල්ලො එහෙම හිටන් යනවා. උන්ගේ අහිංසක මූන දැක්කම ෂීට් එක දෙන්නත් හිතයි. වැඩක් නෑ ඔකුන්ගේ මුණූ ලස්සන උනාට ඇතුල කැතයි,
අනික උන්ට දුන්නා කියලා  මං ඔකුන්ගෙ ඔක්කේ යන්නය? උන්ට ඔනෙ නම් අහයි නේ මගේ ඔක්කේ යන්න එතකොට හා කියනවා කියලා හිතාගත්තා!
ඔන්න ටික දුරක් යද්දි වැලේ එල්ලිලා ටාසන් එනවා වගේ, මස් රඹුටන් ගහක් ඇතුලේ ඉදන්  පොලිසියෙ මහත්තයෙක් පැන්නා. පැක් වෙලා හිටපු බස් එකෙ එවුන්ට තව මල අතේ.

"පොඩ්ඩක් එහාට වෙනවකෝ"

"හැමෝම මිනිස්සු ඇන්ටි , ඇන්ටීට සැපට යන්න ඔනේ නම් කාර් එකක් ගන්න."

බස් එක ඇතුලෙ මල විකාරයි, ඒ අස්සේ තව එකෙක්ට චූන් එකක් ගිහින් ඌ තාලෙට බෙල් එක ගහනවා.

"කවුද බැල් ගහන්නේ, මෙතන ආසවට බස් නැවැතුවේ නෑ, අපිටත් අමාරුයි තමා"

ආතල් එකේ ටිකට් එක කඩන් ආපු කොන්දොස්තර අංකල් එහෙම හිතේ දුකට කවි කියන්න ගත්තා!

ඔහොම ටික දුරක් යද්දි ආයෙත් නැවැත්තුවා.

"ලියාගෙන ආවේ මහත්තයෝ"

කියපු ඩ්‍රයිවර් අයියා ලෑල්ලට පාගලා තව ටිකක් පෑගුවා. මේ විලම්භීත අස්සේ අයියා කිසි සද්දයක් නෑ . පාඩුවේ යනවා මටත් පස්සේ තමා වැඩේ ජිගිරිබිරිස් උනේ, මූ කෑල්ලකට පැණිය දානවා. ඒකිත් මූ දිහා බල බල හිනා වෙනවා.
ප්‍රීටි සින්ටා ගහයි බැට් එකෙන්. පාලු වෙච්ච හතර කේන්දරෙට මෙන්න සිකුරා ලබලා. මොනා උනත් අයියානේ ,ඌට හරි ගියා කියන්නේ මට හරි ගියා වගේ නෙවෙයිනේ , ඇයි යකෝ ඌ කැල්ලක් දාගත්තා කියලා ඌ මට දෙනවය.

කමක් නෑ කියලා ඉරිසියාව පැත්තක දාලා ලේන්සුව  අරන් අරූගේ කට කොනේ පෙරිලා තිබ්බ කෙල ටික පිහදුවේ සහෝදර ප්‍රේමයට,

ඒක දැකල අරකිට හිනා.

"අනේ බං තොපිලා වගේ සහොදරයෝ ඉන්න කම් අපිට නම් කවදාවත් හරියන්නේ නෑ"

"අඩෝ ඔන්න ඔන්න උදව්වක් කලාම, මේ මොක උනත් ඒක පට්ට කෑල්ල ඕයි"

"මේ ඒ පාර තෝත් එකට පෙරන්න ගත්තද , අන්න එහා පැත්තේ ආච්චි කෙනෙක් හිටිය ආච්චිට පෙරපන්, මේක මං සින්නක්කර ලියන් ඉවරයි,
 බැරි ම නම් බලන් ඉන්න ඔය අංකලයට පොඩ්ඩක් එහෙට්ට මෙහෙට්ට වෙන්න කියලා ජනේලෙන් චූ කරලා කටවහන් බුදියගනින්"

"මේ ඔහොම නිකම් ඉදලා බෑ ඔයි! ඒකි කොහෙන් බහියිද දන්නේ නෑ. ගිහින් නොම්බරේ දීලා වරෙන්"

"මේක ඇතුලෙ කොහොම යන්නද බං?"

"එහෙම තමා ලව් කරද්දි පොඩ්ඩක් කට්ට කන්න ඕනෙ!"

"ආ! උබ දැන් මට පඩියා වගේ කියන්නේ උබ ලව් කරලා තියනවේ?"

"මං නම් නෑ තමා ඒත් ඔය නාට්‍ය වල හැම වෙලෙම කියන්නේ, උන් ඔහොමය කට්ට කන්නේ, හැටකින් විතර එක පාර ගුටි කනවා, "

"හරි හරි ගනින්කෝ කොලයක්,"

" ඔය මල ගේ ඇතුලේ මගුල් කතා කරනවා. මේ පු_ පොඩ්ඩක් තියගන්න බැරුව ඉන්නේ ,කොළයක් හොයනවා ඒ අස්සේ"

"මේ එහෙනම් ඔය ලේන්සුවවත් ගනින්කෝ"

"ආ ! අයියත් දැන් ඇන්කර් පීඩියා ප්‍රෝ බොනවා වගේ, ටිකිරි මොලේ ඇ"

කොහොමින් කොහොමහරි හිටන් හිටපු අයියා කෙනෙක්ගේ සාක්කුවේ තිබ්බ පෑනකුත් ඉල්ලන් අමාරුවෙන් ලේන්සුවේ නම්බරේ ලිව්වා. බලන් ඉන්න එවුන්ට හිනා.

"නමත් ලියන්න"
"හරි හරි හිටු පොඩ්ඩක්"
"නම පිටිපස්සෙන් ඩෙසිග්නේශන් අනන් මනන් ටිකත් ලියහන් "
"අනේ මේ නිකන් හිටු"
"අන්තිමට උද_____ කියලත් ලියහන්"
"දැන් කොහොම බං මේක දෙන්නේ?"
"ඒකි මෙතෙන්ට එන්නේ නෑ, ඔයා එතෙන්ට යන්න"
"අඩෝ තාම බලංගොඩ හිටන් යන්න වේද දන්නැ ඉතිරි ටික?"
"හිටන් ගියාට මොකෝ  මුදලට කල දේ අද සිට නොමිලේ, ගිහින් දෙනවා ඕක"

අයියා පොඩ්ඩක් හරි බරි ගැහිලා දගලද්දි මෙන්න යකෝ කලන්තේ වගේ හිටපු ගෑනු ටිකයි පිරිමි ටිකයි අලු ගහලා නැගිට්ට ෆීනික්ස් කුරුල්ලෝ ටික වගේ,

" හිටන් යන්න අමාරුයි නේද ආච්චි?"
"ඔව් පුතේ, දැන් කොච්චර දුර කියලද?"
"ආ ! එහෙනම් ආච්චි පොඩ්ඩක් වාඩි වෙන්න."
"පිං සිද්ද වෙයි පුතේ!"

අපේ අම්මා, මූ වගේ නසියර් කෙනෙක් දඹුලු ගිහින් තලගොයිත් මරන් ආවා.

ඒ අස්සේ කවුද එකෙක් කියනවා පිංවන්ත ළමයි, කියලා,
අනේ මුගේ පින මට වෙන වෙන තැන් වලින් හිනා යන්න වගේ , බෑ අමරුවෙන් නවත්තගත්තා ඉදගෙන ඉදලා ඒ හරියේ ටිකක් අමරුයි.
අර පෑන ගත්ත අයියා ඌට ෂීට් එක නුදුන්න එකට අප්සට් එකේ මට එරෙව්වා.

මූ යුද්දෙට යන ගරිල්ලා භටයා වගේ අර කෙල්ල ගාවට ගියා. අනිවා ඌට පැය බාගයක් විතර යන්නැති එතෙන්ට යන්න. මාත් එක්ක පොර වගේ කිව්වට බයයිද කොහෙද? හි හි.

කෙල්ලගේ මූණත් ටිකක් දැන් සවුත්තුයි වගේ ! අයියා කොහොමහරි ගේම ගහල ලේන්සුව අරකිට දුන්නා. එකි නිකම් බලු බෙට්ටක් ගන්නවා වගේ ඒක ගත්තේ. කොහොමහරි අරු රටක් රාජ්ජයක් දින්න එකා ගානට මා දිහා බලලා හිනා උනා.

මෙන්න මේකි ඊලග හෝල්ට් එකෙන් බැස්සා. කුම්බලා මාලු කැවානම් විදවාපන් බළලෝ!
අනේ ඉතින් මූ ශේප් එකේ අපහු ෂීට් එකට එන්න ටිකක් බලද්දි ආච්චිට වැඩේ මීටර් උනා , ආච්චිත් ක්ෂණික නිද්‍රාවට පත් උනා.

මං තොට යස කියලා මැසෙජ් එකක් දැම්මා, අයිය තිත් දෙකයි පී අකුරයි දාලා රිප්ලයි කොලා. මට ටික වෙලාවකින් ගමන් මහන්සියට නින්ද ගියා.
නිකම් කකුල මීයෙක් කනව වගේ කිති  කැවෙනවා. මං හීනෙන්ම අතගාද්දී ජංගමේ වයිබ්‍රේට් වෙනවා, වයිබ්‍රේට් තාක්ෂණයේ පියගේ මව්තුමිය මතක් කලේ නින්ද කැඩුවට. ගෙදරින් කෝල් කරනවා. රැට කාලා එනවද කියලා?

ඔව් ටවුමේ නානාගේ නයිට් කඩෙන් කොත්තු 2ක් දාලා එන්නම් කියලා තිබ්බා.නිකමට වගෙ අයියා දිහා බැලුවා ඌ පේන්න නෑ, ගල් ආදා ෂීට් එකක් හොයගෙනද කොහෙද?
කොහොමහරි අඩුමකුඩුම ටික අතගාල පොඩ්ඩක් පස්සත් අතගාලා තියනවා කියලා ෂුවර් කරන් බස් එකෙන් බැහැලා නානාගේ කඩේට ගිහින් කොත්තු 2ක් ඕඩර් කලා.
අර කැල්ලගේ සීන් එක එහෙන්ම අපි දෙන්නටම අමතක වෙලා. ටික වෙලාවකින් කොත්තුව කකා ඉද්දි අයියගේ පෝන් එක මෙව්වා වෙනවා. දන්නැති නොම්බරයක්,
" අඩේ අර කෙල්ලද දන්නෑ"
"අම්මට උඩු මේ උස්සහන් උස්සල ස්පීකරේ දාහන්"
_________________________________________________________________________________

"හෙලෝ"

ආආ පිරිමි කටහඩක් මගේ හිත කුල්මත් වෙන ගමන් අරුගේ හිත  මෙව්වා වෙනවා දැක්කා.

"හෙලෝ මේ ම___ උ_____ ද? "
"ඔව් කවුද මේ?"
"අර උඹ බස් එකෙදි ලේන්සුවක් දුන්නේ එකිගේ වෙන්න මිනිහා කතා කරන්නේ, ලැජ්ජා නැද්ද යකෝ දකින දකින ගැනිට ලෙන්සු දෙන්න. ඒ මදිවට මේක ගද්ස්සාරේ බෑ,  එකි හිතලා තියෙන්නෙ උබ එකිට ෂීට් එක දෙන්න යනව කියලා, තෝ ආයේ ඒකි පස්සේ ගිහිල්ලා තිබ්බොත් බලා ගන්නම්"

ටී................................

හෙන ගැහුවා වගේ කොත්තුවත් කන්න බෑ වගේ, එහා පැත්තේ බිත්තර ආප්පයක් කකා හිටිය හිගන්නා ආප්ප කෑල්ලක් කටේ තියන් මේක දිහා බලන් ඉන්නවා. උගේ ආප්පේ බිත්තරෙත් බේරෙනවා. ඒත් ගානක් නෑ.
කොත්තුවෙන් තුන්කාලකටත් වඩ කාලා හිටිය නිසා බිල ගෙවලා ක්ෂණික මාරු උනා. ගෙදරට පයින් එන ගමන් අපි දෙන්නට මැරෙනකම් හිනා. අන්තිමට අයියා කිව්වා

"අපි ඉතින් ගහක නැග්ගොත් දෙබලක් බං"

ප/ලි : ලොකු අම්මගේ ලොකු පුතාට කියන නෑදෑ කම මොකද්ද?








Wednesday, June 25, 2014

ආදරය


ගැටලුවකි විසදුමක් නැති
ප්‍රශ්නයකි පිලිතුරක් නැති
සමීකරණයකි විචල්‍යක් නැති
හර බැර ගිනුමකි තුලිත නැති
සූත්‍රයකි කිසිදු පදයක් නැති
සිතුවමකි අරුතක් නැති
එහෙත් අවසානයේ දුකක් ඇති

මේ කතාව මං මුලා වූ කාට හෝ!!!!!

මේ කතාව මං මුලා වූ කාට හෝ!!!!!

මගේ දෙවෙනි කතාව. අහිංසක නම් නැ.
ඒත් ඇත්තට මූන දෙද්දි වෙලාවකට හිතෙනවා මේ සමාජේ ඉස්සරහා අපි ඇත්තටම කොච්චර අහිංසකද කියලා .
මේ කතාවේ කතා නායකයා මගේ හොදම යාලුවෙක්. අපි එයාට සමන් කියමු.
 ඇත්තටම මේ කතාව බ්ලොග් අවකාශයේ දාන්න හිතුවේ අපි ජිවත් වෙන මේ සමාජයේ සමන්ලා ඔන තරම් ඉන්නවා.
සමන්ලගෙත් කොටස් දෙකක් ඉන්නවා.
එකක් උන් දන්නවා තමන් සමන් කෙනෙක් කියලා
හැබැයි අනික් උන් දන්නැ තමන් මේ බොරු ෆැන්ටසියක ජිවත් වෙන සමාජේ ඕන එපා කම් වලට යටවුන චෙස් ඉත්තෙක්ගේ භූමිකාව රගපාන සමනෙක් කියලා

"හලෝ මචං"

"හලෝ හලෝ"

"කොහොමෙයි අඩො කාලෙකින්"

"ඒක තමා අඩේ මොනා වෙන්නේ මේ දවස් වල"

"මොනා වෙන්නද බං ආයේ දෙවෙනි පාර අදිනවා බං"

ඔහොම ටික වෙලාවක් ආගිය ඈගිය ඊගිය තොරතුරු සතර කන් මන්ත්‍රණය කර කර ඉද්දි ලෙවල් නැති මගේ කටෙන් විෂය කාණ්ඩය එලියට පැන්නා

"කෝ බං උබේ මැඩෝනා කැල්ල?"

අරුගේ මුන සත හැත්ත පහ උනා. මට මගේ පරිණත චිත්ත පථයට ඇන්ටර් උනා මෙලෝ වැඩකට නැති මේ කටෙන් තවත් අසූචි වැඩක් උන විත්තිය.
මොනා කරන්නද කවුද කිව්වා වගේ කාලයයි, වචනයි, අධෝ වාතෙයි තුනම එකයි ගියොත් ගියාමය . ආයේ ගන්න කියලය.

දැන් ඉතින් වෙන රෙදි කැල්ලක් වෙද්දෙන් කියලා හිටියා.

"වැඩක් නැ බං ගැනූ බං, උන්ට වාසියට විතරයි මචං"

"ඇයි මචෝ මොකද්ද කේස් එක"
 මට අත්දැකීම් නැති උනාට මාත් කොල්ලෙක් . කොල්ලෙක්ට වෙඩි කාගෙන ඉන්න පුලුවන් ඒත් උගේ හැගීම් සෙල්ලමට ගත්තොත් එක්කෝ ඌ උන්මන්තකයෙක් වෙනවා. නැත්නම් සමාජ අසම්මත අපරාධකාරයෙක් වෙනවා.
කාගේ හරි වාසනාවකට මූ දෙවෙනි තත්වෙට නොවැටි පලවෙනි තත්වෙට වැටෙන්න ඔන්න මෙන්න තිබිලා බෙරිලා.

"යමන් මචං දුමක් දාන ගමන් කතා කරමු"

හංදියේ බන්ඩේ අංකල්ට අයිඩින්ටි පෙන්නනැතුව ගොල්ඩ් ලීෆ් දෙකයි චුයින්ගම් දෙකයි ගත්ත මං සමන්වත් එක්කගෙන කඩේ පිටිපස්සට එක්කන් ගියෙ ෆුල් ස්ටොරිය අහගන්න.

ආආආආආසිරි බර වේවා කියලා මං පලවෙනි ශොට් එක කටෙන් අරන් පෙනහැල්ල වටේ වට දෙකක් කරකවලා නහයෙන් පිට කරලා

"උබ ඉතින් ඇයි මේ පැත්තේ ආවේ" කියලා ඇහුවා.

"බි_____ ඉන්න ජොන්ටි දන්නවද බං?"

"ඔව් ඔව් ඉතින්"

"මං ඌට සල්ලි වගයක් ණය තිබ්බා බං ඒක ගෙවන්න ආවා බං"

"හා හා ! ඉතින් මොකෝ බං උනේ උබේ නංගි බබාට? අඩේ උබයි එකියි හිටියෙ හරියට රෝමියෝ අශෝකමාලා වගේනේ ආ බං?"

"ඒක ලොකු කතන්දරයක් බං" කියලා දුම් බෝල දෙකක් යවලා උගේ කතන්දරෙට මුල පිරුවා.

"උබලා දන්න දෙවල් වලට වඩා නොදන්න දේවල් වැඩියි බං, කවදාවත් මස්සිනා ගැනියෙක්ව නම් විශ්වාස කරන්න එපා බං. උන් අපිට ලව් කරන්නෑ බං අරකිත් එහෙමයි බං එකි මට නෙවේ මචන් ලව් කලේ එකි ලව් කලේ සමන්ට බං.
ඒත් එකි කිව්වේ කවදාවත් මං ඔයාව අත් අරින්නේ නැ මගෙ සුදු මහත්තයෝ කියලා.
ඔව් බං එකි කිව්වා හරි මං සුදුවට ඉන්නකම් එකි මට ලව් කලා, එත් මං කලු වුන ගමන් මාව අත් ඇරියා බං

මට දුකක් නැ බං එකි මාව දාල ගියාට මොකද බං මට නැති උනේ මට අදරේ නැති එකෙක්ව ඒත් එකිට නැති උනේ එකිට පනටත් වඩා අදරේ කරපු කොල්ලෙක්ව,

ඒත් මචන් මට නැති උන දෙවල් මගේ ජිවිතේ ,මගේ කාලේ, අපේ අයියා අමාරුවෙන් හොයලා මට දුන්න බොඩිං ෆීස් එක මං උන්ට කලේ මොන තරම් අපරාධයක්ද කියලා හිතෙද්දි මැරෙන්න හිතෙනවා මචං"

"ඇයි බං උබට ඔච්චරම කලකිරෙන්න මොනාද බං උනේ"

"වෙන්න ඔනේ හැම දෙයක්ම උනා බං උබ දන්නවා ඇති මං එකිව ටෝක් කලේ මං ඕලෙවල් ලියන්න කලින්, ඒත් එකි මට ගනන් ඉස්සුවා ,
ඉතින් ඕලෙවල් ඉවර වෙලා මට උබලා ඔක්කොටම වඩා හොද රිසාල්ට් එකක් සෙට් උනාට පස්සෙයි , ++++ තරගෙන් ලංකාවෙන්ම 9 උනාට පස්සෙයි මට මාර තැනක් හැදුනා ස්කොලේ ඇතුලේ ,
උබලට මතක ඇති ඉතින් අපි ඒ ලෙවල් වලට ආවට පස්සේ මං මුල් වාරෙම පලවෙනියා වුනා. ඔහොම වෙද්දි හැමොම හිතුවා මං කවදා හරි ඉන්ජෙක් වෙයි කියලා.
උබට මතකද අපේ Exhibition එක, එකෙදි තමා බං මගේ ජිවිතේ මං එදා අදරේ කරපු ඒත් අද වෛර කරන කරුමම කරුම සිද්දිය උනේ.

............හ්ම්!!! එදා අරකියි මායි එක ගෲප් එකට වැටුනා බං. මං එතනදිත් බැහැලා වැඩ කලා. ඉතින් ටික ටික අපි දෙන්නා ෆිට් උනා. අන්තිමෙදි එකි මගේ gf උනා ඊට පස්සේ ඒකි මගේ වස්තුව උනා, වස්තුව මගේ ජිවිතේම උනා.
එකි කිව්වොත් මගේ ඇහැක් ගලවලා දෙන්න පුලුවන් තරමටම මං ඒකිට ආදරේ කලා.
ඒකි කලින් 9ට නිදාගත්තා ඒත් එකි මං නිසා උදේ පාන්දර වෙනකම් පාඩම් කරන්න පුරුදු වුනා. මගේ පොත් මං එකිට ගිහින් දෙන්න ගත්තා.මට දැනුනෙත් නැ. මං හුගක් වෙනස් වුනා බං,
ක්ලාස් කට් කරලා මටයි එකිටයි මං රීලෝඩ් දැම්මා. මං හීන මාලිගාවක තනි උනා.
පොත මේස උඩ හිත කාෂ්මිරේ බං තිබ්බේ. ඒකි ටික ටික ට්‍රැක් එකට වැටුනා , මං ටික ටික ට්‍රැක් එකෙන් එලියට විසි උනා. මට තෙරුන්නැ මං මේ කරන්නේ ජාතික අපරාධයක් කියලා.
ටික කාලයක් යද්දි එකිට මැසේජ් යවන එකයි කෝල් කරන එකයි මගෙ ජීවිතේ උනා.
මං මැසේජ් එක යවනවා එකි මට මැසේජ් එකට රිප්ලයි එක එවන්නේ විනාඩි 10 කට විතර පස්සේ. මං ඒ විනඩි දහය පාඩම් කලේ නැ පොතේ චිත්‍ර ඇන්දා ,
 හිත මං දන්නැති අමුතුම ලෝකෙක ගිහින් මුකුත් නොදන්න සීනි බෝල වංකගිරියක තනි උනා, ඒත් එකි ඒ වෙලාවෙත් පාඩම් කලා.
ඔන්න ඔය කාලේ අර ________ ස්කොලේ අරු  මෙයාගෙන් කැමතිද ඇහුවලු. මෙයා මට ඕක කිව්වා. මෙකි මට කිව්වා අරුට කියන්න කියලා.
මං කොච්චර මොඩයෙක්ද බං උබට මතක ඇති උබලත් සෙට් උනේ එදා අර ක්ලාස් එකෙදි.".....

"තව එකක් ගහනවද බං?

"බැ බං මේවා අපි බිව්වට බොන්න හොද නෑ බං"

ඇත්තටම මූ ඉස්සර ස්කෝලේ හිටිය ප්‍රසිද්දම චරිතයක් ඒත් එක පාරම මූ වෙනස් වුනා. අපිට ඕක එච්චරටම දැනුනේ නෑ. ඒත් මූ "අපි බිව්වට බොන්න හොද නෑ බං"
 කියද්දි ඒ කාලේ ඕන වැඩක් කරද්දි මුල් උන සමන්ව මතක් උනා, අපිටත් හොදම යාලුවෙක් විදියට උපදෙස් දුන්න සමනව මතක් උනා.
කෙල්ලෙක්ට කොල්ලෙක් මෙච්චර වෙනස් කරන්න පුලුවන්ද?
"මොනා උනත් බං මං එදා කැමති උනේ නෑ අරකිගෙ නම කැත වෙනවට එකයි එදා මං බල්ලා වගේ හිටියේ. එදා උබලා මට බැන්නා නේද නිකම් අරු ඉස්සරහා පොන්නයා උනා කියලා,
 ඒත් උබලට තෙරුනේ නෑ මං අරකිට කොච්චර ආදරේ කලාද කියලා.....
 ඉතින් කොහොමින් කොහොම හරි  ඔය කතන්දරේ යට ගියා... මං එන්න එන්න අදුරටම ගියා. අන්තිමට මං පෙන්නපු ලිදෙන් මෙකි නෑවා මං මගේ බාල්දිය ලිදට දාල ඔහේ බලන් හිටියා."


යමං මචං ඇවිදින ගමන් කතා කරමු

"ඉතින් ඔන්න දවසක් මෙකි මට කිව්වා මේ බට්න් තියන ෆෝන් එකෙන් මැසෙජ් ගහන්න අමාරුයි , රැට නංගියි මායි එකට නිදගන්නේ මං මෙක ඔබද්දි නංගි ඇහැරෙනවා කියලා.

මං ඒ වෙද්දි සම්පූර්නයෙන්ම විභාගේ අත් ඇරලා තිබ්බේ.  මං ස්කොලේ ගියේ නෑ , ක්ලාස් නැවැත්තුවා, පාඩම් කරන්න ඔනේ කියලා
ගමේ ගිහින් හිටියේ විභාගේ අත නෙවේ බං කට ලග ඊට ටික කාලෙකට කලින් ස්කොලේ ගුරුවරු මට බැන්නා ,
 යාලුවෝ බැන්නා මොකද්ද වෙලා තියෙන්නේ කියලා, ඒත් ඇත්තටම ආදරේ අන්ධයි බං. මට ලොකු උනේ අරකිට යවන මැසෙජ් එක, ස්කොලේ විබාග ලිව්වෙත් නෑ, ස්කොලේ ගියෙ අරකිව බලන්න.
ඉතින් මං කොච්චර හරකෙක්ද බං මට එකි කියපු එක තෙරුනේ නෑ, එකි ටෙක්ස්ට් කරන්න බෑ කියලා කිව්වේ. මං කොච්චර බොලදද කියනවනම් මං හිතුවෙ එකි මට ආදරෙයි,
මාත් එක්ක රැ වෙනකම් මැසෙජ් කරන්න අලුත් ෆෝන් එකක් ඉල්ලනව කියලා, මං අයියාට කිව්වා පොතක් ගන්න තියනවා කියලා රු 1500කුත් ඉල්ලගෙන ජොන්ටිටත් කතා කරලා උගේ පරන ටච් ෆෝන් එක ගෙවීමේ ක්‍රමේට
ගන්න ඩීල් එක කතාකරලා මං ආපහු  බෝඩිමට ආවා."

පෝ.....................ප්

"අඩෝ ටොන්ජා කොහේ යන්නේ "
කොටා වීල්  එකේ ඇවිත්  හෝන් එක ගහලා ගියා.

"ඉතින් මං අරූට සල්ලි දීල ෆෝන් එක ගත්තා. මෙකිට මැසෙජ් කලාට රිප්ලයි නෑ. මං පැය ගානක් ෆෝන් එක දිහා බලන් ඉදලා එකියි මායි හන්තානේ තනිවෙද්දිම මැසෙජ් එක ආවා,
අම්මා ෆෝන් එක ගත්තා කියලා දැන් හොරෙන් ගත්තේ , ආයේ මැසේජ් කරන්න එපැයි කියලා, මට ඕවා ඒ කාලේ ඇත්ත බං, එවුනාට දෙකේ පන්තියේ එකෙක්ගෙන් ඇහුවත් කියයි ඕකි ඔය කෙල්ලෙක් කියන සරලම බොරුවක් කිව්වේ කියලා.
මට ඒ වෙලෙ රටක් රාජ්ජයක් දින්නා වගේ, මොකද මං ගාව එකිට දෙන්න ෆෝන් එකක් අතේ එ වෙලේ තිබ්බ නිසා.
මං කිව්වා පහුවදාට ඔයා අහවල් තැනට එන්න , මට ඔයාව සප්‍රයිස් කරන්න ඔනේ කියලා. මෙකි අදි මදි කරකර ආවා, මං ෆෝන් එක දුන්න ගමන් මූන ඇඹුල් වෙලා ආයේ බොරු සතුටකින් කට කොනින් හිනා උනා.. හ්ම්!.............
එදාවත් මට තෙරුනා නම් මෙ ලයිට් කනු තුන අඩුම තරමේ S තුනක්වත් කරගන්න තිබ්බා බං.
ඒත් මෙකි වෙනදා වගේ මාත් එක්ක කනෙක්ෂන් නෑ බං, මටත් විභාගේ මතක් වෙල පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා. වැඩක් නැ බං හිත ෆෝන් එකේ.
කොහොමින් කොහමහරි විභාගේ ඉවර උනා, ඉවර වෙලා දවස් දෙකකින් විතර මෙයා මට කිව්වා මං ඔයාට ගොඩ කාලෙක ඉදන් කියන්න හිටියේ සමන් අපි දෙන්නාගේ අදහස් ගැලපෙන්නැ ,
මා එක්ක තරහා වෙන්න එපා මං ඔයාට ආදරෙයි ඒත් අපිට පස්සේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙයි සමන්, මං මේ ඔයා ගැන හිතලා සමන් මේ තීරණේ ගත්තේ අපි මේක නවත්තමු!!,
අඩි දහයක් විතර අපි සද්දයක් නැතිව ඇවිද්දා, හරියට නිකන් මගෙ පපුවටත් අමුතු දුකක් දැනුනා, ඒ වෙලෙ මට තරහා ගියේ කොහෙ හරි ඉදන් කෑ ගහන මෝඩ මයිනා එක්ක,

"උබම හිතලා බලපං ඒ වෙලේ මට මොනවා හිතෙන්නැද්ද කියලා. මං ඒ කලේ සුයිසයිඩ් කරගන්න මිනිස්සුන්ට බැන්නා තමන්ගේ ජිවිතේ ගැනවත් අගයක් නැති මිනිස්සු කියලා.
 ඒත් බං මට ඒ වෙලෙ තේරුනා කියාගන්න බැරි තරම් දුකක් දැනුනම මිනිස්සු සුයිසයිඩ් කරගන්නේ ඇයි කියලා. ඒත් මං මගේ අම්මා ගැනයි අයියා ගැනයි හිතුවා. එ මිනිස්සු මට කොච්චර අදරේද කියලා තෙරුනා.
 
මං ගිය දේ ගිය කියලා අමතක කරන්න ගොඩාක් උත්සහා කලා ඒත් බැ බං. පොත අරන් දෙවෙනි පාර කරන්න හිත හදන් පාඩම් කරන්න ට්‍රයි කලා, පරන සමන් මගෙන් ගොඩක් ඇත් වෙල තිබ්බේ බං.
මං මාස ගානක් විදෙව්වා, රිසාල්ට්ටුත් ආවා. මං ෆේල් අරකි ඉන්ජිනියරින්,
හොදම කතන්දරේ මං අර ගහගන්න ගිය එකත් ඉන්ජිනියරින්, දවසක් ඩයල් එකක් දැකලා තියෙනවා උන් දෙන්න පාක් එකේ ඉන්නවා. කමක් නෑ බං.
හැබැයි අර කොල්ලා අරකිට බොක්කෙන් කලොත් අන්තිමට කවදහරි ඌට වඩා හොද එකෙක් හම්බුනොත් ඌටත් මට වගේ බෙලෙක්කෙන් තමා ඉතින්. තව මාස තුනයි බං මං පාඩම් කරන්න ගත්තේ හිත හදන් ගිය මාසේ ඉදන්

දෛවය කියන්නේ මහ අමුතු දෙයක් බං මට දැන් මං ගැනම හිනා බං මං ඒ කලේ කරපුවට, ඒත් දැන් කල් වැඩියි බං,මට මේ පාරත් බැ මං ඒක දන්නවා, මගෙ ජිවිතේ අවුරුදු 2 ක් පස්සට ගියා නිකම්ම,
තව මට ඉතුරු එක ෂයි එකයි බං මට පුලුවන් වෙයිද බං? "

කොල්ලෙක්ගේ හිත ගලක් වගේ, ඔව් ඇත්ත තමා ඒත් ඒ ගලේ මොකක් හරි කෙටුවොත් කෙටුවම තමා කවදාවත් ඒ කැලැල් මැකෙන්නේ නෑ. මකන්නත් බෑ. මට මොන කියන්නද කියලා තෙරුනේ නැ.
කවදාවත් දැනුනේ නැති හැගීමකින් මගේ මුලු ඇගම වහා ගත්තා වගේ උනා. හිතට ආපු හැගීම් ටික වචන පෙරලන්න මගේ ශබ්ද කෝෂයේ වචන නැද්ද? නැත්නම් ඒ හැගීම් ටික වචන වලට පෙරලන්න මගේ ගත උදාසීනද? නැත්නම් සිත උදාසීනද?
කතරක් මැද තිබුන එක් ටැම් ගේක සිතුවිලි සිර කරපු මං මනෝ භාවයන්ට හෙන ගහපිය කියලා හිතටත් හොරෙන් "පුලුවන් මචන්" කියලා වචන දෙක ගැටගහත්තේ කොහොමද කියලා අදටත් හොයනවා.
"උබට තේරෙනවා ඇති මචන් මං මොන වගේ කාලකන්නියෙක්ද කියලා."

"හරි මච.........."

"පුතේ !"

"මාමා කොහෙද යන්නේ?"

"මේ කඩේට යන්න කියලා පුතා , තාම කැම්පස් නෑ නේ පුතේ"

"තාම නෑ මාමේ, නොවැම්බර් වත් වෙයි මාමේ"

"හරි පුතේ මං ගිහින් එන්නම් "

" :)"

"උබ දන්නවද උබලට මිනිස්සු ඔහොම කියද්දි මට ඉරිසියා නෑ ඒත් මට මං ගැන තරහක් ඇති වෙනවා බං, මං අරකිට බනින්නේ නෑ, මොකද මමයි වැරැද්ද කලේ"

"හරි මචන් මට තේරෙනවා, අපිට මිනිස්සු කාලා බලලා ගන්න පුලුවන් නම් අඹ ගෙඩියක් රඹුටන් ගෙඩියක් වගේ මෙහෙම වෙන්නෑ බං"

"උබට නිකම් මං මේවා කිව්වම උබ හිතන්වද දන්නෑ මූ නම් මොන ගොබ්බයෙක්ද කියලා"

"පිස්සුද බං මං දන්නවා මචන් , මට තෙරුම් ගන්න පුලුවන් බං, උබ දැන් ඕක අමතක කරපන් බං ගිය දේ ගියා බං මට ඔය වගේ අත්දැකීමක් නැති වෙන්න පුලුවන් ඒත් මට උබ ඉන්න තත්වේ තෙරුම් ගන්න පුලුවන්.
උබට මචන් ඔනේ දෙයක් තියනවනම් මට කියපන් පුලුවන් ඕනෙම උදව්වක් ඔනෙම වෙලාවක කරනවා ලොවෙත් මචන්.......

උබ ඔය වෙච්ච ඔක්කොම දේවල් අමතක කරලා වැඩෙට බැහැලා උබට කොකා පෙන්නපු උන්ට උබ කවුද කියලා පෙන්නපන්. ඒක තමා මචන් දැන් කරන්න තියෙන එකම දේ."

ඒ වෙලාවේ නම් කවදාවත් නැති විදියට ලොකු මහාචාර්ය වදන් පෙලක් එලියට ආවෙ උන්ඩුක පුච්ච්යේ ගැබුරුම තැනින්

"ඔව් බං මං දන්නවා දැන් මං කවුද කියලා , ඒත් මට මේ පාර කරගන්න බැ කියලා මං දන්නවා. කමක් නැ බං මං කොහොමහරි මගේ අයියගේ මහන්සියටයි අම්මගේ කදුලු වලටයි ණය ගෙවනවා බං,
මං මෙ දේවල් උබට කිව්වේ හිතට සහනයක් බලාපොරොත්තුවෙන් , හැමෝටම වදයක් උන මං උබටත් වදයක් උනා නම් සමා වියන් මචන්,"

" පිස්සුද අඩෝ උබ ඔහොම කියන්නේ, ඕනෙ වෙලාවක ඕනේ දෙයක් කියපන්, ඔකුන්ට කවදාහරි වරදිනවා බං"

"එහෙම කියන්න එපා බං , එකිට හරියන්න ඔනේ බං , මට එකි ගැන කිසිම තරහක් නෑ මචන්. එහෙනම් හරි මචන් මං කැපෙනවා එහෙනම්"

"හරි බං හරි , උබ දැන් ජොන්ටිලාගේ ගෙදරද යන්නේ, මට වැඩ වගයක් තියෙනවා නැත්නම් මාත් එනවා අඩේ ලොවෙත්, මොන ණයක්ද බං"

"මං අරකිට අරන් දුන්න ෆෝන් එකට තාම ගෙවනවා බං"




ප/ලි - සමාජේ සමන්ලා, අරකිලා, අරුලා ඕනේ තරම් ඉන්නවා. ඒත් හැමොම එහෙම නෙවේ. තරාදියක දාලා කිරුවොත් හැමොගෙම හොද නරක තියනවා.


























Wednesday, May 7, 2014

ඇමතුම


විටෙක සොම්නසකි
විටෙක දොම්නසකි
අපේ කාලයේ
දස්කොන්ද ප්‍රමිලා බිසව පැතු
රෝමියෝද ෆැන්ටසියක අතරමං වූ
පැය තත්පර විනාඩි වලට
නින්ද කැප කල ඒ කාලය
අවාසනාවකි තුලාව සමබර නැත
අවසානයේ දොම්නස මට ඔච්චම් කරන
මගේම මනසේ මා අතරමං වුන
අවැසිය පිලිතුරක්
මා දස්කොන්ද? රෝමියෝද?

සිකුරු අටේ

මුලින්ම කියන්නම්, මං බ්ලොග් අවකාශයේ අධුනිකයෙක්, ඉතින් වැරද්දක් තියනවනම් සමාව භජනය කරත්වා. ඉතින් මේ මගෙ 2 පෝස්ට් එක.
මේක කියවන හැමොටම වගේ සල්ලි කෝටියක් දීලවත් ගන්න බැරි  මතක් වෙද්දි සතුටට අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරි සොදුරු පාසල් කාලයක් මේ ලියන මටත් තිබ්බා. ඉතින් හිත ඇතුලේ හැංගිලා තිබ්බ ඒ මතකයේ දුවිලි පිහදාල
අහිංසක විදියට හිනා වෙන්නයි මේ හදන්නේ,

මේ සිද්දිය උනේ මං 11 වසරේදි, හැමදෙයක්ම අමතක වෙන මගේ මතකේ හරි නම් මේක උනේ අපේ දෙවෙනි වාරේදි.
ඔන්න ඉතින් ඒ කාලේ අපේ ගුරුවරු කොච්චර හොදද කියනවනම් අපි බෙලෙක් පෙටිට්යට ගගහ කියන " පස්ස පස්ස සුරන්ගනිගේ පස්ස සුරන්ගනිගේ ගේ පිටිපස්ස" සින්දුවේ භාවත්මක පැත්ත දැකලද කොහෙද මාසේ දෙවෙනි සතියේ අපේ කලාත්මක හැකියාවන්
දියුනු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සිංහල සාහිත්‍ය සමිතියක් මෙව්වා කරලා තිබ්බා.
ඔන්න ඉතින් එහා පංතියේ එවුන් තනි ඇහැට ඇඩෙන්නම සාහිත්‍ය සමිතියක් කරා. ඒකේ හොද කියලා කියලා අපේ අංශභාර ටීචර් ඊලග මාසේ උබලට තමා කොරන්න වෙන්නේ කියලා කට කොනින් හිනා වුනේ මේ වෙද්දි මුලු ස්කොලේම අපේ පංතිය ගැන හොද
 කතා කරන නිසද කොහෙද! එහෙම හොද කතා කරන්න වස්තු බීජ වෙච්චි ජාතක කතාත් අතේ ඇගිලි ගානට වඩා ටිකකට පොඩ්ඩක් වැඩියි. එවා පස්සේ,
හිනා උන එකටත් දෙන්නම්කො ජම්බු කියලා හිතන් හැමදාම නින්ද යන වෙනදට අවනීතියෙන් කට් කරන ගණිතය පීරියඩ් එක නීත්‍යානුකූලව සාහිත්‍ය සමිතිය ප්‍රැක්ටිස් මෙව්වා කරන්න කට් කොලා.

හැමතැනම ඔනේ කුනු ගොඩකට ඉස්සෙල්ලම පපුව දාන මං මේ පාරත් පංතියේ කලිසම බේරලා එහා පංතියේ එවුන්ට කොර වෙන්න ගේමක් දෙන්නම් කියලා වැඩෙට එන්ටර් වුනා.
මාත් ගෙදර ඇවිත් පිඹුරු පත් ඇදලා පහුවදාම කට්ටියට ගිහින් මගේ අයිඩියාර් එක යුද්දෙට යන්න කලින් සේනාව අමතන රජා වගේ කිව්වා. කටිටියත් ෆුල් බොක්කෙන්ම අහන් හිටියා,
කෙටියෙන්ම කිව්වොත් මට ඔනෙ උනේ අපෙ සමිතිය ෆිල්ම් එකක් විදියට කරන්න. මැදින් ඇඩ් කැලි බස්සලා, සින්දුවක් කියලා අපේ ටිචර්ව ටීටර් එකකට ගෙනියන්න,
ඔන්න ඉතින් කට්ටිය කතා වෙලා අපේ ඔනේ ගේමකටම පණ වුනත් දෙන්න හිටිය අහිංසක වලියට බර කෙල්ලෝ සෙට් එකෙත් අදහස් අරගෙන අපේ ෆිල්ම් එකේ මුහුරත උත්සවශ්‍රියෙන් කෘෂිකර්ම කාමරේ පිටිපස්සේ කැන්ටිමේ එච්. ඒ අයියගේ පරිප්පු නැති
පරිප්පු වඩේ වලිනුයි, කහට නැති ප්ලෙන්ටියෙන් සරසලා පෙට්ටි වාර්තා කඩන අපේ මහා සිනමා නිර්මාණය "සිකුරු අටේ" ලෙස සුභ මොහොතින් නම් කලා.

මාත් පොර වගේ ඩිරෙක්ටර් පට්ටම භාරගත්තා. දෙන්නා නොහොත් මිහිරුවන් ප්‍රොඩියුසර් විය, මතක හැටියට කිච්චි කියලා කෙල්ලෙක් ප්‍රධාන නිලිය උනා, මාත් එක්ක හිටිය සොඩ්ඩාද කොහෙද වේෂ නිරුපනය  භාර ගත්තේ,
 එ කලේ ඉදන්ම "ෂ" වෙනුවට "ස" චරිතය හොදින්ම නිරූපනය කරපු නිසා ඌට ඒක හොදටම ගැලපුනා.

කට්ටිය චරිත බෙදගත්තට මොකො එකෙක් වත් තමන්ගේ චරිතයට සධාරණයක් කරන්නේ නැ.
ඔන්න ඉතින් ලව් කරන එවුන් පැත්තක, තනිකඩ සෙට් එක පොඩි නංගිලාගේ පංති පැත්තේ දරුකමට හදාගන්න නංගි කෙනෙක් හොයා ගන්න.
කොහොමින් කොහොම හරි එහෙන් මෙහෙන් අටවලා අන්තිම සතියේ තුන් වැනි දවසේ වගේ රටක් රාජ්ජයක් අල්ල ගත්ත චන්ඩි සහ චන්ඩින්ගේ ස්ත්‍රි ලිංග පදය සමග අපේ පංති භාර ටිචර් හම්බවෙලා අපේ
 ස්ක්‍රිප්ට් එක කිව්ව ගමන් බැනගෙන ගියා නිකන්
 ජපනා කොලබට බෝම්බ දැම්මට වඩා වේගෙන්,
අපිත් ඉතින් අදිවේගි මාර්ගයක බස් එකකට අහුවෙල අනතුරක් නොවුන බල්ලො රැලක් වගෙ ගිහින් ගණන් පීරියඩ් එකේ පංතියේ හිටියා.
ගහෙන් වැටුන මිනිහට ගණන් සර් ඇන්නා වගේ, සර් ජ්‍යාමිතියෙන් අපිට ගහන්න ගත්තා
ත්‍රිකෝණ අංගසාම්‍යය, චාප කැලි අස්සේ බංචිගේ කන ගාවින් සර් ප්‍රක්ෂෙපණය කරපු රටහුණු කැල්ල නාගාගේ නහයේ වැදුනා, ඒත් එකෙක්ටවත් මෙලෝ සිහියක් නැ .
අපේ කනට ගැහුවා වගේ ටීචර් කියපු කතා ටික වෘත්ත චතුරස්‍ර එක්ක එකතු වෙලා බලුකිස්තාන් භාෂාව වගේ භාෂාවක් තෙරෙන්න ගත්තා.

"මොනාද තොපි මේ කරන්නේ, ස්කොලේ (sin) ඇතුලේ ඉන්න ජරාම (2cos.x) පංතිය කියලා කියලා මුලු ස්කොලෙම දන්නවා, මටත් (2Ɵ.cosx = tan) එක්ක ලැජ්ජයි, කවදාවත් හැදෙන්නැ, සාහිත්‍ය සමිතිය කියන්නේ
සාහිත්‍ය සමිතිය , එකේ ඇතුලේ මගුල් නටන්නේ,
තමුසෙලාට ඉතින් අපේ උපදෙස් ගන්න (99Ɵ. cos Ɵ = hutan) එන්නේ පෙරහැර ගියාට පස්සේ, මට තෙරෙනවා සිකුරු අටේ කියලා (1/cos c) දාගෙන කරන්න යන මගුල, කරන්න බැරි නම් නිකං ඉන්නවා "

කලින් දවසේ හවස පංති නොහිටිය එකට රිටන් එක ඇරියස් එක්ක හම්බුන බව අපිට තෙරුනා.. අපිට ගොඩක්ම දුක තිබ්බේ ඕන කාලකණ්නි වැඩක් කරලා ආවත් බේරගන්න අපේ ටීචර් මෙකට අපිට බැනපු එකට, ඔන්න ඔහොම
 සිකුරු අටේ උපන් ගෙයිම නැති උනා. කවදාවත් ඩිරෙක්ට තියා කැමරාවක් අතින්වත් අල්ලලා නැති මගේ ඩිරෙක්ටොර් හිනෙත් උපන් ගෙයිම නැති උනා

ඉතින් කොහොමින් කොහොමහරි ගණන් පීරියඩ් එක ඉවර උනාට පස්සේ අපේ කට්ටිය නිශ්ශබ්දයි , වෙන වෙලාවක් නම් ඔෆිස් එකේ අපේ ලොකු සර්ටත් ඇහෙන්න කාංසාව නිවාගන්න
" මුලු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බුනා " කියන අපි හාවක් හුවක් නැතුව හිටියම ඒ වෙලවට එහා පංතියට උගන්වන සර්ට හෙන අවුල්. මොනා උනත් උගන්වන එක නතර කරලා ඇවිත් අපිට බනින්න තිබ්බ චාන්ස් එකනේ.
සරුත් ඉතින් එහෙන් මෙහෙන් ඇවිත් ඔලුව දාලා 'කැගහපිය' කියලා කියනවා වගේ බලලා ගියා,
විනාඩි දහයක් විතර ගියත් සද්ද බද්ද නැති නිසා ජොන්ටි මොකද්ද ගොන් පාට් එකක් දුන්නත් එකෙක්වත් හිනා උනෙ නැ. ඉතින් මං ගේමට බැහැලා " දැං අපි මක්කලා කරන්නේ" කියලා ඉවර කරන්නත් කලින්
අල්ලපු පංතියෙ සර් රා කල 985254456 ක් විතර බීපු හස්තියා වගේ ඇවිත් කවුද සද්ද කරන්නේ, තොපි කාලකණ්නි උනාට අනික් පංති වල එවුන්ට ඉගෙනගන්න ඔනි යකෝ කියගෙන පරන ටේප් එක දගෙන එදිදිම මං කිව්වා
ඊලග පීරියඩ් එකට සර් එනකම් අපිට මේ පාර සාහිත්‍ය සමිතිය තියනවා සර් පොඩ්ඩක් ඒක කතා කරගන්නද කියලා? සර් හා එහෙනම් හෙමින් කත කරගන්නවා අනික් එවුන්ට වද නොදි , කියලා ගියා,

ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් හොර මැර වංචා මැතිවරණ දූෂණ වලින් තොරව එකමතිකව සාහිත්‍ය සමිතිය වර්ජනය කරන්න හිතුවා.
_________________________________________________________________________________

ඔන්න සාහිත්‍ය සමිති දවසෙත් උදේ 7.25 ට නැගිටලා 7.30 ට ආවේ මේ වෙන්න යන ජිගිරි බිරිස්  හෙනේ ගැන කලින් දවසේ රැ හීනෙන් වත් නිකංවත් පෙනුනේ නැති නිසා.
උදේ ආපු ගමන් පංතියට යද්දිම විජය එද්දි කුවේණි කපු කෙටුවා වගේ කිච්චි අතුගගා ඉන්නවා. එද්දිම ඇහුවා "ඔයා මැණිකේ මිස්ට කිව්වද අද අපිට සමිතිය කරන්න වෙන්නේ නැ කියලා?" මං නැ කියලා වෙනදා වගෙම කොල්ලෝ එක්ක
පහල පංති වල නංගිලාගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දිනපතා මුර සංචාරයේ යෙදුනා. පන්සිල් කට් කරලා දේවලේ ඇතුලේ ජීවන සුවද විදි අපි පංති පැත්තට යද්දි අනික් පංති වල එවුන් ඔඩිටොරියම් එක පැත්තට යනවා දැක්ක
ගමන් සංසාථානික මහා ධමනියෙන් අපු කූල් ලේ බිංදුවක කන හරහා මොලේ හරහා යන්නේ මගේ විතරක් කියලා හිතුවට ගල් ඇක්කේ පාලම යට පලවෙනි දවසේ හිගුරාන ගහද්දි අපෙ එවුන්ගේ මුණු ටික තිබ්බ ව්දිය ඒ වෙලාවෙත් පෙනෙද්දි
මට තෙරුනා අනික් එවුනුත් ඉහල තලයක පා වෙන විත්තිය.
මේ වෙද්දි කෙල්ලෝ ටික මැණිකේ ටීචර්ට කියලා අපේ ඉතිහාසය වර්ණ්නා කරන් ඉවරයි. ඉතින් අපිට තෙරුනා කොහොමහරි මේක කරන්නම වෙනවා කියලා,
මොනා උනත් ඕන සරිගමේකට තාලේ අල්ලන්න, පපුව දාන්න ලැස්ති අපි ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්ෂණික සමිතිය වේදිකාගත කරන්න පෙරේදා උත්සවේට දාපු රතු පලස දිගේ ආවා. ඇවිත් මං ස්ටේජ් එක මැදට ගිහින් කට්ටියගෙන් අවසර
අරන් සින්දුවක් කියන්න "දෙන්නට" ආරාධනා කලා. ඌ ඊලග වටේට SMS වලින්වත් යවන්න බැරි උනාට වැඩේ ශේප්,
මේ වෙද්දි අපේ එවුන් අන්දරේ සීනි කාපු විදියට මැණිකේ ටීචර්ට සීනි කවන්න රෙඩි පිට හිටියේ.
ඉතින් කලණි උන්ට ආරධනය කලා.
ඔන්න පන්තියේ ගුරු පුටුවට කොහෙන්ද කඩාගත්ත ගදපාන මල් දෙකකුයි, කුප්පමේණිය අතු දෙකකුයි සෙට් කරලා සිංහාසනේ වනසලා, රජා ජොන්ටි, කොසු දෙකක් ගල් කරපු රුක්කයි, කැහුට්ටයි  ආරක්ෂකයෝ, අන්දරේ ගලා
අන්දරෙගේ පුතා සාලක නොහොත් වයිබ්‍රේට් තාක්ෂණ්යේ පියා, ඌ එහෙම පේටන්ට් එකක් ගත්තේ පොඩි කාලේ ගමේ ලිදේ ගැනු නානවා හොරෙන් බලද්දි පේර ගහක ඉදන් බිමට වැටිලා ඉස්සරහ දතේ කැල්ලක් ලිදට වට්ට ගත්ත නිසා.
 ඌ බුරියනි කියන්නේ "බ්‍රියානි" කියලා හොං කොං භාශාවෙන්, තව දත් දොස්තර කියන්නේ "දස් දොස්තර" කියලා පුරාණ හෙළ භාෂාවෙන්.

ඔන්න ඉතින් රජා සිංහසනේ වාඩි උනා
අපිට ටොක්කක් අනින්න කන අතගාන්න ඔනේ උනාම අපිව ඉස්සරහා කුනු කාණුවට බස්සන , කතාවක් කරද්දි ළමයින්ට ටීචර්ගේ අසිරිය බලගන්න බීම බොතල් පෙට්ටි  දෙකක් උඩ නැගල තව ඇඩ්‍රෝසින් ටේබල් එකේ මල් අයින් කරන
මැණිකේ ටීචර්ට රජාගේ ප්‍රතිභාපූර්ණ හැකියාව පේන්නෑ කියලා ආදරෙන් ඔය අට මගල අරන් ඉස්සරහට වරෙන් කිව්වා, රජා උනත් මැණිකේ ටීචර්නේ කියල රාජ තේජස අතෙන් වහන් පුටුව උස්සන් ඉස්සරහට අවා. විලි ලජ්ජයි,
රජා පුටුව උස්සන් එද්දි කලින් අපේ පංතියෙන් ගුටි කාපු එකෙක් හූ කියන්න ගත්තා. ඉස්සරහට එද්දි රාජ පුරුෂයාගේ අතේ තිබ්බ කොස්ස දැකපු එකෙක් "අඩොව් අන්න අරු අපේ පංතියේ කොස්ස උස්සලා" කියලා අඩහැරේ පැවා.
කොහොමින් කොහොමහරි නාට්ටිය වාර්තා බිද දක්වමින් කෙරිගෙන යද්දි , සද්දේ මදි වගේ කියනවා ඇහුනට උන්ගෙත් සද්දෙ මදි නිසා අපි සැලුනේ නෑ.

ඉතින් අන්දරේ ඇවිල්ලා ඉස්සරහා තියන දුවිලි ගොඩ පෙන්නලා "ස්ස්ස්සීනි" කිව්වේ ගලා බය වෙලා හිටිය නිසා නෙවේ කියලා ඌ පස්සේ කිව්වා, ඌ කිව්වා උදේ කාපු ගල් බනිස් එකේ අවුලක් නිසා එහෙම උනා කියලා.
එක හරි කියමුකෝ ඒවෙලෙත් කටවහන් ඉන්න බැරි මයිනා පංතියේ පුරුද්දට අහපි "කෝ සීනි කියලා?"

ඒ කියමනට කොතරම් උනුසුම් ප්‍රතිචාරද කියනව නම්
කොල්ලෝ සපත්තු විසි නොකලේ ගොඩක් එවුන් දාලා තියෙන්නෙ bullet නෙවේ බෝට්ටු කියලා කපිල සර්ට මාට්ටු වෙයි කියලා බයේ. මොකො එහෙම උනොත් උදේට කොන්ඩේ කපන සර් හෙට ඉදන් සපත්තු ගැලෙව්වොත්
කාට කියන්නද!

ඉතින් ඔන්න හරි නම් අන්දරේගේ පුතා සීන් එකට එන්ටෑර් වෙන්න ඕනේ , අන්දරේ ගෙදර ගිහින් ආපහු මාලිගාවට ආවට පස්සෙනේ, නාට්ටිය හරියට දන්නැති සාලකයා අත උස්සලාද කොහෙද චරිතෙ අරගෙන තියෙන්නේ.
ඉතින් සාලකයා අන්දරේ ස්ටේජ් එකෙන් එලියට ගිය ගමන් නාගසාකි වලට හිරොශිමවෙන් ගැහුවා වගේ " බුදු තාත්තේ අම්මා මලා............" කියලා ඇවිත් වැටුනා. ප්‍රේක්ෂකයන්ගේ නොමද අත්පොලසන්නාදය මද්දේ සාලකයා හිතන්නේ උගේ
ඇක්ටින් එකට කෙල්ලො ටික කොර වෙලා ඇති කියලා. ඌ දිගටම වැඩෙ කරන් යනවා, කොහමහරි වැස්ස නිසා නාට්ටිය පොස්පෝන් කලා.

ඊට පස්සේ පන්තියේ සෙට් එකම සෙට් වෙලා සින්දුවක් කියන්න හිටියේ, ඔක්කොම දන්න සින්දුවක් නැ. කොල්ලො ඔක්කොම දන්න සින්දුවක් තිබ්බා, න න නනා කියලා, කෙල්ලෝ ඒක දන්නැති නිසා වැඩේ අත් ඇරියා.
එ අස්සේ නාට්ටිය ඉවර උනාට රජා සිංහාසනේ මාලිගාව මැද දාල ඇවිත්. ඕක ගෙන්න කියලා නිමේෂ් ට කිව්වා. මු පුටුව ලගටම ගිහින් ආපහු හැරිලා ආවා.
ඇයි කියලා ඇහුවම ඌ කියනවා ඉස්සරහා කලින් ටොක් කරපු කැල්ලක් හිටියා ලැජ්ජා හිතුනලු. හොද වෙලවට එ වෙලෙ ස්ටේජ් එකේ කවුරුත් නැ. නැත්නම් අපේ පංතිභාර ටීචර්ගේ මූන දැක්කනම් දියවැඩියාව හැදිලා සුලු දිය පහවෙලා මැරෙන්නේ.
ඉතින් තිලිණයාගේ ටිකිරි මොලේ නිසා "ලොවේ සැමා" එක හඩින් ගායනා කලේ ජාතික සංහිදියාව පෙන්නන්න. මොකද කවුද එකෙක් කිව්වා ටීචර් කැපුවත් නිල් කියලා.

ඒ අස්සේ තව දහ අට වන්නම කලින් නටපු කෙල්ලෝ ටිකකට නැටුමක් නටන්න ඔනෙලු අරක මැද, ඕක කරන්න ගිහින් මොනා වේද කියලා දන්නැති අපි සහෝදර ෆිට් එකට කිව්වා පාඩුවේ ගෙදර ගිහින් චූ කරලා බුදියගනින් කියලා.
එතකොට උන් ටික අපිට එරෙව්වේ තරහින් නෙවෙ කියලා අපි දැනගත්තා...

ඉතින් අන්තිමට විහගිද කොහෙද විහග නදින් අඩ අඩා සින්දුවක් කිව්වා,
ඒකි ඇඩුවේ ඒ සින්දුවේ තිබ්බ සමහර කැලි වල සෘතිය අල්ලගන්න මිසක්කා එ වෙලේ කොල්ලෝ හූ කිව්ව එකට නෙවේ කියලා එකි කියනකම් අපි හිතන් හිටියේ
ලැජ්ජාවට අඩනවා කියලා....
එකත් ඉවර වෙලා කිච්චියි මායි ස්තුති කතාවෙන් සමාව ඉල්ලුවා. මං කිවා වැරදි වීම
මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා,

ඊට පස්සේ ගුරු කතාව දෙන්න අපිත් එක්ක ෂේප් රුවන් සර්ට ආරාධනා කලා. සර් නැගිටිද්දිම මැණිකේ ටීචර් පැනලා ඇවිත් කතාව කලා
කතාව ලස්සන වැඩි නිසා අපි අහන් හිටියේ නැ ඒත් ටීචර් කිව්වා
මෙතන සමාව දෙන්න දෙවිවරු නෑ කියලා,
ඒ වෙලාවේ ටිචර නිකම් සින්දුවක් කියලා පහලට බැස්ස රාහුල් ජෙය්කර් වගේ. අන්තිමට අපිට ඊලග මසෙත් සමිතිය මෙහයවන්න දුන්නේ අපේ සමිතියේ ලස්සන ගැන කට්ටියටම ආස හිතිලා.
ඊලගට කරපු සමිතියෙත් පට්ට සීන් උනා ..............

ප/ලි : මොනවා උනත් අද අපි කොතන හිටියත් අද අපි කතා කරන්නේ එදා අපි ගත්ත ලකුණු ගැන නෙවේ, එදා අපිට චාටර් කියලා හිතුන අද සතුටෙන් හිනා වෙන්න පුලුවන් අහිංසක දගකාර වැඩ ගැන..
   



කදුල


අපූර්ව සබද
කිසිවක් නැතත් ඔබ මා සමග
කැගසන්නට වුවමනා මුත් වාරු නැත
කම් නැත
වදන් දහසක් හැගුම් දහසක්
වදන් නැත මිතුර
වැනුමට ඔබ මට කල නිහඩ සේවය