Sunday, October 19, 2014

අමුතු අදහසක්


මගේ හැම කතවට වගේම් මේ කතාවටත් ප්‍රස්තුතයක් තියනවා.

පඳුරක්
පඳුරක් ගානෙ
ගිහින්
මහ උන්ට
කිරි දීපු
උඹේ
දෙතනෙ
කිරි
මදි උනාද
වේසියේ
උඹේම
ලෙයින්
හැදුණු
මේ
කිරිසප්පයට........

නිලුපුල් සහෝදරයගේ මෙන්න මේ වදන් වැලයි මගේ හිතේ ඇදුනු අමුතු අදහසට පාර පෙන්නුවේ. ඔයලා බලනවා ඇති යකොව් මෙච්චර කල් හොදට හිටි අහිංසකයාට ක්ෂණික මනෝ විකෘතියක් ඇති වූවාදැයි කියා.
සමාජය යනු කුමක්ද? අරුත් දැක්වීම කුමක්ද? සද මත පාතබා විශ්වය ජයගත් අපේ නූතන මිනිසට වැරදුන තැන එතන යැයි කිව හැක. සමාජය යන්නට ශබ්ද කෝශයේ සරල අර්ථ දැක්වීමක් ඉතිරි කොට සොයා නොගත් නිමක් නැති විශ්වය පීරිමට අත් පොත් තැබීම ඉතිහාසයේ කල ලොකුම වරදක් විය හැක.
අපිට විද්‍යාමාන වන්නා වූ පාට පාට ෆැන්ටසියක් බදු වූ මේ සමාජයේ පාට යටින් සැගවුනු අලු පාටක් ඇති වග ඉහතින් දැක්වූ පද වැලෙන් මොනවට අර්ථ දැක්වේ.
අප ජීවත් වන්නා වූ මේ සමාජය අරුම පුදුමය. අපි මිනිසුන් ලෙස ශිෂ්ටාචාර ගත වූ සත්ව කොඨ්ඨාසයක් ලෙස ඇදුම් නම් වූ  අරුම පුදුම උපකරණයක් භාවිතා කරන්නෙමු. එහෙත් කිසිදු සත්ව කොඨ්ඨාසයක් ඇදුම් නොඅදිති. කුමක්ද මෙය?
මම මෙය දකින්නේ මිනිසා තරම් හීන සත්ව කොඨ්ඨාසයක් නැති තරම් ලෙසයි.
ඇසේ වනචර කම පාලනය කරගන්න උපතින්ම ගෙනෙන්නා වූ නොහැකියාව නම් වූ කරුණ මත අපි ඇදුම් අදිමු.
 ගෑනියක් යන්නට විවිධ සංස්කෘතීන් තුලින් ගොඩ නැගි ඇති ආකල්පය වීදුරු මල් පෝච්චියක් පිලිඹද ඇති ආකල්පයට නොදැවෙනිය. එහෙත් අපට අමතක වූ කරුණක් ඇත. වීදුරු පෝච්චි ඉබේ කැඩෙන්නේ නැත . එහි අංශු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල බිදීමට තරම් පොහොසත් වන්නා වූ බලයක් ඇවැසි බව අපට අමතක වී ඇත.. ඒ බලයට වරද නොපටවන විදූරු පෝච්චියට සාර්ව කාලින මිනීමැරුමක් කල ලෙස වරද පටවමින් බලු බෙට්ටක් පරිදි ජුගුප්සාජනක හැගුමකින් සමාජයෙන් ඉවත් කිරීමට තරම් සමාජය කුහක වී ඇත.කැකිල්ලේ රජුන්ගේ තීන්දුව උපහාසයෙන් අපේ බාල පරම්පරාවට කියා දෙන අපිත් කකුලුවාගේ කතාවට
නොදැවෙනි තැනක සිටීම පිලිබද ඔබ මා අපි අපිටම සිනා සිය යුතු කාලය එලඹ ඇත.
(පත්තිනි අම්මල අතර රෙද්දේ තුත්තිරි ගාගත් අයත් සාමජයේ නැතැයි මා නොපසවමි. මා අහසින් පාත් වූ අමුතු සතෙක් නොවේ. සමාජෙන් තැලුනු පෙලුනු තවත් මෙම සමාජීය පුරවැසියෙකි.)

ගැහැණු ළමයෙක් කොට සායක් ඇදන් යද්දි, කලිසමකින් මුලු හෙලුවැල්ලම වසා ගෙන යන විට සුදු සරම ඇදපු,  මල් වට්ටිය අතින් ගත්ත බහුතරය වපර ඇහැකින් අර කන්‍යාව දෙස බලයි ඇය විවේචනය කරයි. පල නොකියා පලා බෙදන තියරියකින් අර කන්‍යාව බඩුවක් කරනු ලබයි.
නමුත් එතන දෙපිරිසම වැරදිය. රෙද්දේ දිගට පළලට වනචරකම් ප්‍රතිලෝමයැයි සිතන සුදනාත් වැරදිය. සංස්කෘතියට අනුව හෙලුවෙන් භාගයක් පෙන්නන් යන ගෑණියත් වැරදිය. ඇය කුඩා ළදරුවෙකු නොවේ . මිනිසාගේ ආකල්ප, චින්තන විලාසය දන්නා ඇය ඇදුම තුලින් වේස කම මනින සමාජ සම්මත මෙට්‍රික් මිනුම් ක්‍රමයක් තිබෙන බවත් වටහා ගත යුතුය.

ගබ්සාව ; කුමක්ද මේ අකුරු හතරකින් කියන්නා වූ පණිවිඩය. කවුද ගබ්සාවට වැරදි? මෙය නීතිගත කල යුත්තක්ද?
ඉහත කිසිදු පැනයකට පිළිතුරු ලබා දීමට තරම් මම පණ්ඩිතයෙක් නොවෙමි. එහෙත් මා ජීව විද්‍යාත්මකව දන්නා වූ එක් සත්‍යයක් ඇත . එය නම් පිරිමින්ට ගර්භාෂයක් නැති බවත් ගැහැණියට එවැන්නක් ඇති බවත්. භ්‍රෑණයා වුවත් ජිවීයෙකි. මෙලොව එළිය බලන්න ඇගිලි ගනින කිසිත්  නොදත් අහිංසක ජිවීතයක් නැති කිරීමට පෝල්ඃ මකාර(හරිද දන්නෑ) අද්මිනිස්ත්‍රකාර ඩිම්භ ධාරියටවත් ශුක්‍ර ධාරියාටවත් අයිතියක් නැත්තේය. ගැහැණියත් මිනිසෙකි , පිරිමියත් මිනිසෙකි. එසේ නම් රෙද්ද ගැලෙව්වම පිරිමියත් ගැහැණියත්
තිරිසනුන්ට එහා ගිය තලයක සිටිති.  තිරිසනුන් ඇදුම් නැතිව වුවත් යම්තාක් දුරට චාරයක් තියා ගනිති. නමුත් මිනිසා නම් පරිණාමික දියුණු සත්වයාගේ එම පැතිකඩ තවම පරිණාමිකව ප්‍රාථමිකව අන්තිම අඩියේ සිටිනා බැවින් ගැහැණියත් පිරිමියත් ඇදුම උනා දැමීමට ප්‍රථම මදක් මාස දහයක් ඉදිරියට සිතිය යුතුය. ඒ ඉහත දැක්වුවා වැනි අපරාධ වනු වැළැක්වීමටයි. ඒ අතුරෙන් මා දකිනා පරිදි ගැහැණියට තරමක වැඩි වගකීමක් උපතින්ම ස්වාභාවිකවම ලැබී ඇත. එපමණක් නොව සාමාජීය වශයෙන් තමන් බිදී කුඩු වන තුරු ලස්සන පෝච්චියක් බවත් මතක තියා ගතයුතුය.
සමාජය කියන තරම්ම කුරිරු නැත. ස්ත්‍රී දූෂණය නීතිගරුකව සිදු කිරීමට ආදරය, විවාහය නම් වූ සංකල්පද ගොඩ නගා ඇත. සැබවින්ම මෙහිදි ස්ත්‍රී දූෂණය යන්නට යථාර්තවාදී විවරණයක් ලබා දීමට මම අපොහොසත් වෙමි. කොතෙක් මනස වෙහෙසුවත් පිළිතුරක් නොලැබේ.
ඌරො කැකුණ තලද්දි හබන් කුකුලොන්ට ෆන් එකක් යන න්‍යාය තව ටිකක් මොඩිෆයි කරන ඕලාරික සාමාජිය කොටස්කරුවන් විසින් ඇවිලෙන රැවුලට සුරුට්ටු පත්තු කරන්න තනනයි. ගබ්සාවට පිළියම් ලෙස ගණිකා වෘත්තිය සමාජ ගත කිරීමට සැරසෙයි.
අතීසාරයට අමුඩ ගසනවටත් වඩා එහා ගිය සංදර්භයක් ලෙස මම මෙය දකිමි. එවැනි අඩු අධ්‍යාපනික මන්ද මානසිකයින් තනන්නේ වේස කම වෙනුවට ගණිකා වෘත්තිය ගෙන ඒමටයි.
මල පසුපස බඹරුන් ආවට අවමන් විදින්නේ මල් කුලය බව සැබෑව. එහෙත් වේස කම ගණිකාවකගෙන් රිප්ලේස් කල සමාජයක ඔබට තම සහෝදරියට රැකවරණයක් බලාපොරොත්තු විය හැකිද?
රූප පෙට්ටියේ ගෑණූ පිරිමි හාදු දෙනකොට ළමයි ඉස්සරහා නාලිකාව මාරු කරන අම්මලා තාත්තලගෙත් යම් කිසි වූ වරදක් මං දකිමි.
කලාගාරෙක නිරුවත් කාන්තා පිළිරු දෙකක් ඇති විට එක පිළිරුවක රහස් ස්ථාන පොඩි පත්තර කෑල්ලකින් වසා ඇති විට ඔබට වැඩි වින්දනය ලබා දෙන්න අර කොලෙකින් වහපු පිළිරුවයි. මිනිස් සන්තානයේ ගැඹුරින්ම එන පණිවිඩයකින් ඔබට අර පත්තර කෑල්ල පොඩ්ඩක් උස්සා බැලීමට සිතෙනු නොඅනුමානය. එම නිසයි සමජයේ සිටින සතුන් "මිනිසුන්" ලෙස හදුන්වන්නේ.
එම නිසා ලිංගිකත්වය ගැන කතා කිරීමත් වරදක් ලෙස දකින් බොලද මානසිකත්වයෙන් මිදිය යුතුය. ලිංගිකත්වය යන්න මනුෂ්‍ය ඝාතනයක් ලෙස දකින අපේ මොළ අපි විසින්ම ශෝදනය කල ගත යුතුය. වේස කම සමාජ සම්මත කිරීමට මත්තෙන් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීමට අත් පොත් තැබුවොත් නරකද?

සිතන්නට කාලයයි!!




ප/ලි : සංවාදයට විවෘතයි.












11 comments :

  1. උපදින්න බලන් ඉන්න ජීවියෙක්ව නවත්තලා දාන්න කිසිම අයිතියක් කිසිම කෙනෙකුට නැති බව මගෙත් අදහසයි!

    // වීදුරු පෝච්චි ඉබේ කැඩෙන්නේ නැත . එහි අංශු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල බිදීමට තරම් පොහොසත් වන්නා වූ බලයක් ඇවැසි බව අපට අමතක වී ඇත.. // සම්පූර්ණ ඇත්ත කතාව බං.

    මචෝ ලියත්දි ඡේද අතර පොඩි ස්පේස් එකක් තිය තිය ලියපන්. එළකිරි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ, ලියන කලාවට තාම ආධුනිකයි. ඉස්සරහටත් උදව් ඕනේ ඈ!
      ගබ්සාව නීතීගත කිරීමෙන් සමාජ ශෝදනයක් පතන සමාජයක අපි ඉන්නේ.

      Delete
  2. මේ අඩවියට පාර කිව්වෙ උඩින් කමෙන්ට් එකක් දාල තියෙන අපේ ප්‍රියා. ප්‍රියා, ඔබට මුලින්ම ස්තූතියි මේ අඩවියට එන්න පාර පෙන්නුවට.

    ඔබ ගැන කියනවානම් ඔබේ ලිවීමේ හැකියාව බොහොම ඉහලයි. කියවන්නාගේ හදවතටම කෙලින්ම සම්ප්‍රේෂණය වන ලෙස ලිවීමේ හැඉයාවක් ඔබට තියෙනවා. ඔබ එම හැකියාව සමාජයේ මිනිසුන්ගේ කඩාතුරා බිඳ දැමීමට භාවිතා කිරීම ප්‍රශංසනීයයි.

    ඔබගේ අදහස ගැනත් යමක් කියන්නම්. ගණිකා වෘත්තිය නීතිගත කරනවාට කවුරුත් වගේ මමත් තදින්ම විරුද්ධයි. ඒක අතීසාරයට අමුඩය ගැසීමක්. කල යුතු වන්නේ දූෂණය වී ඇති මිනිස් සිත සුවපත් කිරීම මිසක්, රෝගය වෙනුවෙන් පිදේනි දෙන එක නෙවෙයි. විය යුත්තේ සමාජ ක්‍රමයේ වෙනසක්. උඩු යටිකුරු වෙනසක්.

    ඊළඟට ස්ත්‍රී දූෂකයා යනු මටනම් මරණ දඬුවම හිමිවිය යුතු වරදකරුවෙක්. විශේෂයෙන්ම ළමා දූෂකයන්.

    මීළඟට ගබ්සාව, නීතියෙන් හෝ අවනීතියෙන් ජීවයක් විනාස කිරීම අපරාධයක්. ඒ නිසා මෙවැනි දේවල් නීතිගත කිරීම තේරුමක් නෑ. නමුත් මට තියෙන එකම ප්‍රශ්නෙ ස්ත්‍රී දූෂණයකින් සිදුවන ගැබ් ගැනීමකදී, තමන්ගේ සමස්ථ ජීවිතයම විනාශ කල නරුමයකුගේ දරුවෙක් හදා ගැනීමට මවට බල කිරීම කෙතරම් සාධාරණද කියන ගැටලුව මට තියෙනවා. ඒ මවට සිදුවෙනවා මරණය තෙක් තමන්ට සිදුවූ විනාසය පිළිබඳ උදේ හවා මතක් කරමින් විඳවන්න.

    ඔබේ ලිවීම අනඟියි. ඔබේ මතය සමාජ ගතවිය යුතුයි. ඒ නිසා දයාබරව ඉල්ලනවා, අත්තරින්න එපා. දිගටම ඇදගෙන යමු මඟ නවතින්නෙ නැතිව. පුලුවන් කාලයක් නෙවෙයි, උපරිම කාලයක්.

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මට මොකටද බොල ස්තූති කරන්නෙ. "අපි වෙනුවෙන් අපි!" :D

      ඔය කියන තැනදි ගබ්සාව ගැන ප්‍රශ්ණයක් මටත් තියෙනවා බං. දෙදෙනටම අසාධාරණයක් නොවන තීරණයක් තමා ගත යුතු. (මවටත් දරුවටත්)

      Delete
    2. ප්‍රියා සහෝදරයට ස්තූති වන්ත වෙනවා,
      තාත්වික සමාජයේ දකින බොහෝ දෙවල් වල ෆැන්ටසි ප්‍රතිභිම්බයකුයි ලොකු මිනිස්සු දකින්නේ. සමාජයේ ඇත්ත යථාර්තය කතා කරන්න ඔවුන් අකමැතියි. ස්ත්‍රී දුෂකයාට ඔබ කිව් පරිදි මරණ දඩුවමට එහා ගිය ආත්මිය දඩුවමක් ලැබේ නම් යෙහැක.

      Delete
  3. ගබ්සාව පිලිබඳ අති ලිබරල් යැයි කියාගන්නා රටවලත් නොයෙක් මතවාද තියෙනවා. ඒ තරම්ම සංවේදී මාතෘකාවක්. අති දරුණු නීති රීති යටතේ පාලනය වෙන රටවලත් කෙසේ හෝ ගබ්සාවන් සිදුවෙනවා. සිදු කරනවා. උත්තරයක් හොයන්න අමාරුයි.

    අහිංසකයාට අහිංසක යෝජනාවක් කරන්නම්. ඔය දාලා තියෙන පින්තූරයෙන් ඔබේ සටහනට ලැබෙන රුකුලක් සුගතියක් නැහැ. ඒ වෙනුවට වෙන රූපයක් පලකරන්න. මගේ අදහසක් පමණයි. වැඩිය හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. අදහස ක්‍රියාත්මක කලා සහෝ. ස්තූතියි

      Delete
  4. මේකේ සංවාද කරන්න හරි කම්මැලියි, ඒත් හම්බවුන වෙලාවක කතාකරන්න හොද ටොපික් එකක්, පලි: මාගේ පුද්ගලික අදහස සාහිත්‍යයමය රචනා කලාවෙන් මේ වගේ විද්‍යාත්මක පදනමක් ඇති කරුනු සාකචාවට ලක්කිරීම එහි ඕවරෝල් හරය හීන කිරීමක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියා වෙලාවක සෙට් වෙමු

      Delete
  5. අම්මෝ දුක හිතෙනවා ෆොටෝ එක දැක්කමත්.......

    ReplyDelete
    Replies
    1. අමුතු සමාජයක් . අමුතු ලොවක් ,

      Delete